මක්කම මහ පල්ලියේදී 750කට වැඩි පිරිසක් මරුට - 800කට වඩා තුවාල [UPDATED]

සෞදි අරාබියේ මක්කම භූමියෙන් පිටත හජ්ජි උත්සවය සමරමින් සිටි බැතිමතුන් පිරිසක් අතර ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 717 දෙනෙකු මියගොස් 800 ට වැඩි...

සෞදි අරාබියේ මක්කම භූමියෙන් පිටත හජ්ජි උත්සවය සමරමින් සිටි බැතිමතුන් පිරිසක් අතර ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 717 දෙනෙකු මියගොස් 800 ට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව සෞදි සිවිල් ආරක්ෂක අධිකාරිය පවසනවා. මක්කම පූජා භූමියේ සිට කිලෝමීටර් 5 ක් දුරින් පිහිටි මීනා ප්‍රදේශයේ අංක 204 වීථියේදී මෙම අනතුර සිදුවුණා.

මෙම වීථියේ, මක්කම වන්දනාව සඳහා පැමිණි බැතිමතුන් ලැගුම්ගෙන සිටි කූඩාරම් එක්ලක්ෂ 60,000 ට ආසන්න ප‍්‍රමාණයක් ඉදිකර තිබූ බව සඳහන්. එහි සිටි බැතිමතුන් අතර ඇති වූ තෙරපීමකින් මෙම අනතුර සිදුව ඇති බවයි සෞදි සිවිල් ආරක්ෂක අධිකාරිය පවසන්නේ. හජ්ජි වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් වැඩි වශයෙන් මීනා ප‍්‍රදේශය වෙත පැමිණෙන්නේ එහි තිබෙන ගල් තාප්පයකට කුඩා ගල් කැබලිවලින් පහරදීමේ සිරිත ඉටු කිරීමටයි. එය යක්ෂයාට පහරදීමක් බවටයි බැතිමතුන් විශ්වාස කරන්නේ.



සෞදි අරාබියේ මක්කම ආශ්‍රිතව සිදුවූ තෙරපීමකින් පුද්ගලයින් 350ට වැඩි පිරිසක් මියගොස් තවත් 390 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
හජ් වන්දනාකරුවන් පිරිසක් මෙලෙස තෙරපීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 2254157780096277905

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item