රෝසි සටන අත්නොහරී - රෝසි අගමැති ප්‍රකාශක ලෙස පත් කෙරේ
මනාප ඡන්ද නැවත ගණන් කිරීම සඳහා වූ සිය අරගලය නතර නොකරන බව රෝසි සේනානායක පවසනවා. ඇය ඒ බව පැවසුවේ අග‍්‍රාමාත්‍ය කාර්යමණ්ඩලයේ නියෝජ්‍ය ප‍්...

http://www.sathhanda.com/2015/09/rosi-senanayake.html
ඇය ඒ බව පැවසුවේ අග‍්‍රාමාත්‍ය කාර්යමණ්ඩලයේ නියෝජ්‍ය ප‍්‍රධානී සහ අග‍්‍රාමාත්‍ය ප‍්‍රකාශක ලෙස ලැබුණු නව තනතුර සම්බන්ධයෙන් ගුවන් විදුලියක් කළ විමසීමකදීයි.
මොකද හිතෙන්නේ ඔබට ලැබුණු මේ අලුත් තනතුර ගැන ?
" මං හිතන්නේ අඳුරු අතීතයක් පහුකරමින්, ඒ යුගය ඉවර කරලා, අපි ජනවාරි 8වෙනිදා විප්ලවයක් කරා. ඒ විප්ලවය තහවුරු කරපු දවස තමයි අගෝස්තු 17 වෙනිදා කියන්නේ. ඒ අගෝස්තු 17 වෙනිදා ජයග්‍රහණත් එක්ක මම හිතන්නෙ මට අගමැති කාර්යාලයේ ඉදගෙන අගමැතිතුමාට විශාල සහයක් දෙමින්, මේ මාස 60 ඇතුලතදී අලුත් රටක් ඉදිරිපත් කිරීම සහයෝගයක් ලබා දීමට පුළුවන් කම මම හිතන්නේ ඉතාමත්ම හොඳ සුභවාදී ලෙස බැලිය හැකි තනතුරක්. විශේෂයෙන්ම අගමැති මාධ්‍ය ප්‍රකාශක හැටියටත් කටයුතු කරන්න මට පත්වීමක් ලැබිලා තියෙනවා".
මනාප යළි ගනන් කළ යුතුයි කියන ස්ථාවරයේ ඔබතුමිය තවත් ඉන්නවද ?
"අතපසුවීමක් වුණා කියලා මට හැඟිමක් තියෙනවා. ඒක අධිකරණයෙන් තීරණය කරයි මට ඒ සම්බන්ධයෙන් කතා කරන්න බැහැ, මොකද අධිකරණයේ ඉදිරියට යන නිසා. අගමැතිතුමාගේ පූර්ණ සහයෝගයත් එක්ක මම අනිවාර්යෙන්ම නැවත වාරයක් ගණන් කිරීමට, ඒ සම්බන්දව කටයුතු කරගෙන යනවා".
Related