අධිවේගී මාර්ගයට නැවතත් STF යොදවයි

පසුගිය රජය සමයේදී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කළ "යුක්තිය මෙහෙයුම" සමග ආරක්ෂක අමාත්‍යාංශය මගින් මීට වසරකට...

අධිවේගී මාර්ගයට නැවතත් STF යොදවයි

පසුගිය රජය සමයේදී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කළ "යුක්තිය මෙහෙයුම" සමග ආරක්ෂක අමාත්‍යාංශය මගින් මීට වසරකට පෙර එම කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකාය ඉවත් කෙරිණි.

මේ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව, කොළඹ පිටත වටරවුම් මාර්ගය, නව කැලණි පාලම සහ කොළඹ කටුනායක මාර්ගයන් හී වන හදිසි අනතුරුවලදී ජීවිත ගලවා ගැනීම් සහ ගිනි නිවීම් සේවා කටයුතු සඳහා මෙම නිලධාරීන් යෙදවීමට පියවර ගෙන තිබේ.

මීට අමතරව, විශේෂයෙන් හඳුනාගෙන ඇති කොළඹ කටුනායක මාර්ගයේ නව කැලණි පාළම, කොළඹ පිටත වටරවුම් මාර්ගයෙහි විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඉකුත් කාලය පුරා අධිවේගී මාර්ගයේ දේපොළ සොරා ගැනීම් සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇත. එම දේපොළ ආරක්ෂා කිරීම සඳහා නිලධාරීන් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යෙදවීමට නියමිතව ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4997037280574253558

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item