නාදුණන සිරුරු දෙකක් ජලාශ දෙකකින් මතු වෙයි

    කුම්බිච්චන්කුළම වැවේ සොරොව්වට මීටර් 75ක් පමණ දුරින් පිහිටි ගැඹුරු දියේ පාවෙමින් තිබු නාදුණන පුද්ගල මල සිරුරක් අනුරාධපුර නාගරික හදිස...

 
 
කුම්බිච්චන්කුළම වැවේ සොරොව්වට මීටර් 75ක් පමණ දුරින් පිහිටි ගැඹුරු දියේ පාවෙමින් තිබු නාදුණන පුද්ගල මල සිරුරක් අනුරාධපුර නාගරික හදිසි මරණ පරික්ෂක එච්.එම්. කුළසේකර මහතා ඉදිරියේදී අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිළධාරීන් විසින් අද (07) උදෑසන ගොඩගනු ලැබීය.

අනුරාධපුර නව නගරයේ මහජන පොල පිටුපස පිහිටි කුම්බිච්ච්කුළම වැවේ සොරොව්ව ආසන්නයේ නාදුණන පිරිමි මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට නගර වැසියෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසියට ලබාදුන් දුරකථන ඇමතුමකට අනුව එහි ගිය පොලිසිය නාගරික හදිසි මරණ පරික්ෂකවරයා ඉදිරියේදී මල සිරුර ගොඩගනු ලැබීය.

වයස අවුරුදු 50 - 60ක් පමණ වන මරණකරු කාගේ කවුරුන්ද යන්න මෙතෙක් හදුනාගෙන නොමැති අතර ඔහු දියටවැටී මියගියේද එසේත් නැත්නම් කිසිවෙකු ඝාතනය කර වැවට දමා ඇත්ද යන්න අනාවරණය කර ගැනීම සදහා සිරුර අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයට ගෙන ගොස් පශ්චාත් මරණ පරික්ෂණය සිදුරන බව පරික්ෂණ සිදුකරන අනුරාධපුර මූලස්ථාන පොලිසිය පැවසීය.

 
 
ඒ අතර වික්ටෝරියා ජලාශයේ තිබි අද (07) නාදුනන මළසිරුරක් පොලිසිය විසින් ගොඩගෙන තිබේ. වික්ටෝරියා ජලාශයේ තෙල්දෙණිය වෑගල ප‍්‍රදේශයේ දී මෙම මළසිරුර පළමුවෙන්ම දැක ඇත්තේ ධීවරයින් පිරිසක් විසිනි. ඔවුන් ඒ බව පොලිසියට දන්වා ඇති අතර මළ සිරුර දැඩිලෙස නරක්වී තිබු නිසා මළසිරුර හදුනා ගැනිමට අපහසු වී ඇත. සිද්ධීය සම්බන්ධයෙන් තෙල්දෙණීය පොලිසිය පරික්ෂණ පවත්වයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5877697150562977303

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item