ප්‍රභාකරන් මැරු‍ණේ හිසට වෙඩි තබාගෙන නොවේ

ප්‍රභාකරන් හිසට වෙඩිතබාගෙන මියගියේ යැයි ප්‍රකාශ කරමින් කරුණා අම්මාන් දෙමළ ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීමට උත්සාහ කරමින් සිටින බව ෆීල්ඩ් මාර...

ප්‍රභාකරන් හිසට වෙඩිතබාගෙන මියගියේ යැයි ප්‍රකාශ කරමින් කරුණා අම්මාන් දෙමළ ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීමට උත්සාහ කරමින් සිටින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. යුද්ධය ජයග්‍රහණය කිරීමට කරුණා

අම්මාගෙන් කිසිදු සහායක් නොලැබුණු බවත් එල් ටී ටී ඊ යෙන් වෙන්වී සිටි මේ අයට ආරක්ෂාව ලබාදීමට යුද හමුදාව කටයුතු කළ බවත් යුද සමයේ දී බාහිර පාර්ශ්වයන් සමඟ සබඳතා පැවැත්වීමට ඉඩ නොලැබුණු බවත් ෆොන්සේකා අනාවරණය කළේය.

මේ රටේ මනුෂ්‍යයන් හැටියට ඔවුන්ට ආරක්ෂා සහිතව ජීවත්වීමේ අයිතිය ලබාදීමට යුද හමුදාව කටයුතු කළ බව ද දුරකතනයක්වත් ළඟ තබා ගැනීමට ඔවුන්ට අවස්ථාව නොදුන් බව ද එහෙම තත්ත්වයක දී ප්‍රභාකරන්ගේ මරණය ගැන ඔහු නොදන්නා දේ කියමින් දෙමළ ජනතාවගේ අනුකම්පාව ලබාගැනීමට උත්සාහයක නිරත වන බව ද සරත් ෆොන්සේකා කීය.

යුද ජයග්‍රහණයෙන් පසුව ප්‍රභාකරන්ගේ මිනිය හඳුනා ගැනීමට තමාගේ නියෝගය අනුව එම ස්ථානයට කරුණා අම්මාන් ගිය බව ද හිටපු හමුදාපතිවරයා පැවැසීය.

ප්‍රභාකරන්ගේ හිසට පිස්තෝලයකින් වෙඩි තාබා ගත්තා නම් පුංචි තුවාලයක් පමණක් තිබිය යුතු බව පෙන්වාදුන් ෆොන්සේකා මෝටාර් හෝ කාලතුවක්කු ප්‍රහාරයක කැබැල්ලක් වැදී හිසට බරපතළ හානි සිදුවී ඇති බවට‍ පෙනී යන බව ද කීවේය.

යුද ජයග්‍රහණයෙන් පසුව මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිවරයකු බවට පත් කළ බව ද දකුණේ ජනතාවගෙන් ඔහුව ගණන් නොගන්නා නිසා දැන් උතුරේ දෙමළ ජනතාවගේ අනුකම්පාව ලබා ගැනීමට මේ ප්‍රකාශය හරහා උත්සාහ කරන් බව ද ‍ෆොන්සේකා කීය.

ප්‍රභාකරන් තමා ගරු කරන යුද නායකයෙක් බවත් හමුදාවට අසුවීමට පෙර ඔහුගේ පිස්තොලයෙන්ම වෙඩිතබා ගෙන ඇතැයි තමා විශ්වාස කරන බවට ඉන්දියාවේ ද හින්දු පුවත්පතට කරුණා අම්මාන් විසින් ප්‍රකාශක් කර තිබුණි. එයට ප්‍රතිචාර දක්වමින් හිටපු හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4945441332491359078

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item