විපක්‍ෂ නායක ධුරය ආණ්‌ඩුවටම ගියොත් අපි පාරට බහිනවා - අනුර කුමාර දිසානායක

විපක්‍ෂ නායක ධුරය ලබාගැනීමේ අයිතියක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට හෝ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට නොමැති බව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අ...

විපක්‍ෂ නායක ධුරය ලබාගැනීමේ අයිතියක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට හෝ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට නොමැති බව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

"මහ මැතිවරණයට තරග කර පාර්ලිමේන්තුවට පත්වූයේ දේශපාලන පක්‍ෂ හයක්‌ පමණයි. ඉන් එක්‌සත් ජාතික පක්‍ෂය සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ඇතුළු පක්‍ෂ හතරක්‌ ආණ්‌ඩුව සමඟ සිටිනවා. විපක්‍ෂයේ ඉතිරි වන්නේ පක්‍ෂ දෙකයි. ඒ ජනතා විමුක්‌ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය පමණයි. විපක්‍ෂ නායක විය යුත්තේ විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක්‌ මිස ආණ්‌ඩුව සමඟ සිටින පක්‍ෂයක මන්ත්‍රීවරයෙක්‌ නොවේ. ඒ අනුව කථානායකවරයා තීරණය කළ යුතුයි විපක්‍ෂ නායක කවුද කියලා. ජනාධිපතිවරයාට අයිතියක්‌ නෑ විපක්‍ෂ නායක තෝරන්න. යම් ලෙසකින් ආණ්‌ඩුවේ සිටින පක්‍ෂයක මන්ත්‍රීවරයකුට විපක්‍ෂ නායක ධුරය දුන්නොත් ඊට එරෙහිව අපි පාරට බහිනවා." යයි ජවිපෙ නායකයා වැඩි දුරටත් පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3713521434416163484

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item