පාර්ලිමේන්තු විවාද කාලයෙන් සියයට 70ක් ආණ්ඩුවට - සැබෑ විපක්ෂයට අබසරණයි

පාර්ලිමේන්තුවේ විවාදවලදී ජාතික ආණ්ඩුවට විවාද කාලයෙන් 70% ක කාලයක් වෙන් කිරිමට පක්ෂ නායකයින් තීරණය කර තිබේ. කතානායක කරු ජයසූරිය මහත...

පාර්ලිමේන්තුවේ විවාදවලදී ජාතික ආණ්ඩුවට විවාද කාලයෙන් 70% ක කාලයක් වෙන් කිරිමට පක්ෂ නායකයින් තීරණය කර තිබේ.

කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්විමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට ලබාදෙන විවාද කාලය පිළිබඳ එකඟතාවයකට පැමිණ තිබේ.

ඒ අනුව විපක්ෂයට විවාද කාලයෙන් 30% ක් හිමි වනු ඇත.

ජාතික ආණ්ඩුවට හිමි වන 70% ක කාලයෙන් එක්සත් ජාතික පක්ෂයට 40% ක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට 30% ක් වෙන් කර දිමට පක්ෂ නායකයින් එකඟතාව පළ කර ඇත.

මෙම 30% යනු ජාතික ආණ්ඩුවට එක නොවූ සන්ධාන මන්ත්‍රීන් ඇතුළු දෙමල ජාතික සන්ධානය, ජනතා විකුක්ති පෙරමුණ ආදීන් වේ. එමෙන්ම විපක්ෂයට අදාල 30% ක කාලයෙන් කතා කිරීමට සම්බන්ධන්ගෙන් අවසර කලින් වෙන් කර ගත යුතුය.

මෙය රටේ සබැ විපක්ෂය දරුණු ලෙස යටපත් කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1215304173451849108

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item