මත්තල ගුවන් තොටුපල වී ගබඩාවේ වී ඉවතට - හානිය අපි ගෙවන්නම් - වී අලෙවි සභාපති

මත්තල ගුවන් තොටුපළේ ගබඩා කර ඇති වී තොග හිස්‌ කර වහාම යළි එම ගබඩාව ගුවන් තොටුපළ සමාගම වෙත භාර දීමට තීරණය කළ බව වී අලෙවි මණ්‌ඩලයේ සභාපති එම...

මත්තල ගුවන් තොටුපළේ ගබඩා කර ඇති වී තොග හිස්‌ කර වහාම යළි එම ගබඩාව ගුවන් තොටුපළ සමාගම වෙත භාර දීමට තීරණය කළ බව වී අලෙවි මණ්‌ඩලයේ සභාපති එම්. බී. දිසානායක පවසයි.

යල කන්නයේ ගොවීන්ගෙන් මිලදී ගත් වී මෙට්‍රි‍ක්‌ ටොන් පන්දහසක්‌ මත්තල ගුවන් තොටුපළේ හිස්‌ ගොඩනැගිල්ලක තැන්පත් කර ඇතැයි ද සභාපතිවරයා කීවේය.

මේ වන විට යල සහ මහ කන්නයේ වී අලෙවි කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව කී සභාපතිවරයා ඉදිරි දින කිහිපය තුළ මත්තල වී තොග අලෙවි කර ගැනීමට හැකිවනු ඇතැයි ද පැවසීය.

වී තොග ගබඩා කළ ගොඩනැගිල්ල හිස්‌ ගොඩනැගිල්ලක්‌ බව ද, එයට යම් හානියක්‌ සිදුවූයේ නම් ඊට අවශ්‍ය පියවර ගන්නා බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6009197308320600081

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item