වෙලේ සුදගේ නංගි කොටු වුණු හැටි

මරණ දඬුවම නියමවී සිටින මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන වෙලේ සුදා නමැත්තාගේ නැගණිය විසින් මෙහ...

මරණ දඬුවම නියමවී සිටින මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන වෙලේ සුදා නමැත්තාගේ නැගණිය විසින් මෙහෙයවූ බව කියන හෙරොයින් කල්ලියක්‌ පෙරේදා (20 වැනිදා) අත්අඩංගුවට ගත් බොරැල්ල පොලිසිය ඔවුන් සතුව තිබී හෙරොයින් තොගයක්‌ද සොයාගෙන ඇත.

සැකකරුවන් අතර වෙලේ සුදාගේ සොහොයුරිය ඇතුළු තිදෙනකු සිටින බව පොලිසිය පවසයි. මෙහිදී අත්අඩංගුවට ගත් හෙරොයින්වල වටිනාකම රුපියල් විසිලක්‍ෂය ඉක්‌මවන බව පොලිසිය පවසයි.

විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ බොරැල්ල ප්‍රදේශයේදී හෙරොයින් ජාවාරම්කරුවකු මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා (20 දා) පෙරවරු කාලයේදීය.

එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත තවත් ජාවාරම්කාරයකු රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී මෝටර් රථයක්‌ සහ හෙරොයින් ග්‍රෑම් 40 ක්‌ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම හෙරොයින් ජාවාරම කරගෙන යන්නේ වෙලේසුදාගේ නැගණිය විසින් බවයි.

ඒ අනුව පොලිසිය උපායක්‌ යොදවා වෙලේසුදාගේ සොහොයුරිය බේස්‌ලයින් මාර්ගයේදී අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10 ක්‌ සොයාගත් බව පොලිසිය පැවසීය.

මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන වෙලේ සුදා නමැති තම සොහොයුරා අත්අඩංගුවට පත්වීමෙන් පසු තමන් සැඟවී ජීවත් වෙමින් මෙම ජාවාරම කරගෙන ගිය බව සැකකාරිය පොලිසියට ප්‍රකාශ කර ඇත. සැකකරුවන් තිදෙනා ලබන 26 වැනිදා දක්‌වා රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන ප්‍රශ්න කරගෙන යයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4318953952964159716

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item