රතන හිමි-චම්පික ගැටුම උග්‍ර අතට..

ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි සහ පාඨළී චම්පික රණවක ඇමතිවරයා අතර මත ගැටුම උග්‍රවී ඇතිබව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. ...

ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි සහ පාඨළී චම්පික රණවක ඇමතිවරයා අතර මත ගැටුම උග්‍රවී ඇතිබව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

චම්පික රණවක ඇමතිවරයා බලාපොරොත්තුවෙන් සිටි විදුලිබල හා බලශක්ති ඇමතිධූරය නොලැබීමත් ඔහු ජාතික දේශපාලනයෙන් ඉවත්කර බස්නාහිර පලාතට කොටුකිරීමත් නිසා ආණ්ඩුවත් සමඟ ඇති පටලැවිල්ල හේතුවෙන් ආණ්ඩුවේ පිරිස් විසින්ම රතන හිමි සමඟ චම්පිකගේ පටලැවිල්ල දිග්ගැස්සවීම සඳහා රතන හිමිට ගතු කේළම් කීම අරඹා ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් රතන හිමිගෙන් කළ විමසීමකදී එවැනි මත ගැටුමක් පවතින බව පිළිගත් අතර එකට වැඩකිරීමට එය ප්‍රශ්ණයක් නොවන බවද පැවසීය.

තමා ඇමතිධූරයක් බලාපොරොත්තු නොවුනද පිවිතුරු හෙටක් ජාතික සභාව ආණ්ඩු පෙරළිය සඳහා වැදගත් කාර්යයක් ඉටුකළ හෙයින් ආණ්ඩුවේ වැදගත් වගකීමක් පවරනු ඇතැයි අපේක්ෂා කළද එය නොලැබීම කනගාටුවට කරුණක් බවද රතන හිමි හිතවතුන්ට පවසා තිබේ.

ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝපිත හිමියන්ද නිහඬ පිළිවෙතක් මේවන විට අනුගමණය කරමින් සිටින අතර සැමවිට ජාතික ව්‍යාපාරය සමඟ සිටි සෝභිත හිමියන්ට වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් දේශපාලනයේ යෙදීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවද අභ්‍යන්තර ආරංචි සඳහන් කරයි.

– lankaleadnews



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3097464104629963345

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item