මම ලබන අවුරුද්දේ උසස් පෙළ විභාගය කරනවා - හැට හතරේ නංගි

ශනුද්‍රිත් පෙම්වතියක් වුණා එහෙනම්? අනේ... කවුද එහෙම කියන්නේ මම පෙම්වතියක් වුණා කියලා. ලැන්ටින් සිංඤෝ නිසා පෙම්වතියක් වුණා කියලා කවුරු...

ශනුද්‍රිත් පෙම්වතියක් වුණා එහෙනම්? අනේ... කවුද එහෙම කියන්නේ මම පෙම්වතියක් වුණා කියලා.

ලැන්ටින් සිංඤෝ නිසා පෙම්වතියක් වුණා කියලා කවුරුත් දන්නවනේ? ආ... ලැන්ටින් සිංඤෝ චිත්‍රපටයේ මම පෙම්වතියක් තමයි.සිනමාවේ පෙම්වතියක් වුණේ පළවැනි වතාවටනේ. 

කොහොමද ඒ අත්දැකීම?
පළවැනි වතාවට පෙම්වතියකගෙ චරිතය රඟපෑවට මට ඒක ඒ තරම් අමාරු වුණේ නැහැ. මොකද මම ඒවගේ චරිත දැකලා තියෙනවනේ. ඒ නිසා අපහසුවක් නැතුව ඒ චරිතය කළා.

ශනුද්‍රි පෙම්වතියක් වුණාම යාළුවන්ගෙන් මොනවගේ ප්‍රතිචාරද ලැබුණේ? යාළුවෝ නම් එහෙම දැකලා හිනාවෙනවා. යාළුවෝ ඇත්තටම මගේ හොඳ නරක කියනවා. මම ඒකට ගොඩක් කැමැතියි.

ශනුද්‍රි සම්බන්ධ වෙන්නේ තෝර ගත්ත අධ්‍යක්‍ෂවරුන්ගේ වැඩවලටද? 
නැහැ. අධ්‍යක්‍ෂවරයා අඳුරනවද නැද්ද කියලා මම බලන්නේ නැහැ. මට කරන්න පුළුවන් දෙයක් ලැබුණොත් මම කරනවා.

ලොකු අක්කා වැඩිපුර පේන්නේ රූපවාහිනියෙන්. පොඩි අක්කා වැඩිදුර පේන්නේ සිනමාවෙන්. ශනුද්‍රි තෝර ගන්නේ කාගේ පාරද?
මම එකකට කියලා විශේෂ කරගෙන නැහැ. ටෙලි නාට්‍ය හරි චිත්‍රපට හරි දෙකෙන් හොඳ නිර්මාණයක් ලැබුණොත් තෝරාගෙන කරනවා. මම රංගනයට කැමැතියි.

ජනප්‍රිය වෙන්න ඕන නිසාද හැකියාව පෙන්නන්න ඕන නිසාද රංගනයට කැමැති? 
රසික රසිකාවියෝ ගොඩක් ඉන්නවට මම කැමැතියි. හැබැයි රඟපාන්නේ මගේ හැකියාව පෙන්නන්න.

මූණු පොතේ පෙරළි කරන්නේ ජනප්‍රිය වෙන්නද? 
අනේ එහෙම ජනප්‍රිය වෙන්න කියලා හිතලා දේවල් කරන්නේ නැහැ. මම කියන ගීත, මගේ ඡායාරූප පළ කරනවා. මම විතරක් නෙමෙයි අනිත් අයත් මේ වගේ දේවල් කරනවා. ඒත් සමහරු වෙබ්වලට ඒවා උපුටලා ගන්නවා. ඒක මගේ වුවමනාවට වෙන දෙයක් නෙමෙයි.

ළඟදී ගීතයකුත් එළිදැක්වුවනේ. කොහොමද ලැබෙන ප්‍රතිචාර? 
ඔබේ ආදරේ කියලා මගේ තනි ගීතයක් කළා. ඒ ගීතය මේ දවස්වල ප්‍රචාරය වෙනවා. හොඳ පැත්තට වගේම නරක කියලත් ප්‍රතිචාර ලැබෙනවා. මම ප්‍රතිචාර දෙකටම කැමැතියි.

ශනුද්‍රිට ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය ගායකයන්ගෙනුත් ගායනයට ආරාධනා ලැබෙනවනේ. ශනුද්‍රි හැබෑවටම දක්‍ෂ නිසාද ඔය ආරාධනා ලැබෙන්නේ? 
මම යශාන් අයියා එක්ක ගීත දෙකක් කළා. ටෙහාන් අයිය එක්කත් ගීතයක් කළා. මගේ හැකියාව නිසා තමයි ඒ අය මාව ගායනයට සම්බන්ධ කර ගන්නේ කියලා හිතෙනවා.

ඔය මොනවා කළත් ඔයා තවමත් පාසල් සිසුවියක්. ඉගෙන ගන්න වෙලාවක් තියෙනවාද ශනුද්‍රි? 
මම ලබන අවුරුද්දේ උසස් පෙළ විභාගය කරනවා. ඉස්කෝලේ වැඩවලට මුල්තැන දීලා තියෙන්නේ. කොහොමත් සාමාන්‍ය පෙළ කළාට පස්සේ කලා කටයුතු නතර කළා. වෙලාව තිබ්බොත් තමයි කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නේ.

රංගන කටයුතු අතහැරලා අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දෙන්න හිතුවේ ගෙදර බලපෑම නිසාද? 
අම්මයි, තාත්තයි කියන්නෙත් මුලින්ම අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දෙන්න කියලා. මමත් අධ්‍යාපනයට මුල්තැන දෙනවා. අධ්‍යාපන කටයුතු ඉවර කළාම ආයෙම රංගනයට එකතු වෙන්න හිතාගෙන ඉන්නේ.

ඒ කියන්නේ අනාගත හීනයත් නිළියක් විදිහට රැඳෙන එකද?
මම ගුරුවරියක් වෙන්න කැමැතියි. ඒ නිසා ඒ වෙනුවෙන් ඉදිරියටත් ඉගෙන ගන්නවා. ඒත් රංගනය, ගායනය අතහරින්නේ නැහැ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 2375817117912786365

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item