පොලිස්පතිට නොතිසි

පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසකට මේ මස 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද (09)...

පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසකට මේ මස 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද (09) නොතීසි නිකුත් කළා. ඒ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාලව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන දැනට රදවාගෙන සිටින යුද හමුදා නිලධාරීන් සිව් දෙනෙකුගේ බිරියන් ගොනු කළ පෙත්සම් 04ක් සලකා බැලූණු අවස්ථාවේදීයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ රදවා තබා නොගෙන නිසි අධිකරණයකට මොවුන් ඉදිරිපත් කරන ලෙසයි මෙම පෙත්සම් මඟින් ඉල්ලා ඇත්තේ. අද මෙම පෙත්සම් සලකා බැලූණේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ හමුවේයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7818519132674248520

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item