රාජ්‍ය ඇමතිවරු පිරිසක් ඉල්ලා අස්වෙයි?

තමන්ට හිමි කාර්ය භාරයන්, විෂය පථය මෙන්ම ප්‍රතිපාදන පිළිබඳව ද රජය මාස දෙකක්‌ තිස්‌සේ නිශ්චිත නිගමනයකට පැමිණ නොමැති බැවින් අමාත්‍ය ධුර අතහැ...

තමන්ට හිමි කාර්ය භාරයන්, විෂය පථය මෙන්ම ප්‍රතිපාදන පිළිබඳව ද රජය මාස දෙකක්‌ තිස්‌සේ නිශ්චිත නිගමනයකට පැමිණ නොමැති බැවින් අමාත්‍ය ධුර අතහැර මන්ත්‍රීවරුන් ලෙස පසුපෙළ අසුන්වල හිඳගැනීමට රාජ්‍ය ඇමැතිවරුන් කිහිපදෙනකු තීරණය කර තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ රාජ්‍ය ඇමැතිවරුන් ලෙස දිවුරුම් දී මාස දෙකක්‌ ගතව ඇතත් තමන් අමාත්‍යාංශවලට වී නිකරුණේ කාලය ගතකරන බැවින් ඡන්දදායකයන්ට කිසිදු සේවාවක්‌ කිරීමට නොහැකි වී ඇති බවයි.

විෂය පථයන් මෙන්ම ප්‍රතිපාදන ද ලබා නොදීම නිසා තමන්ටත්, ජනතාවටත් සිදුව ඇති අසාධාරණය පිළිබඳ නුදුරේදීම ප්‍රසිද්ධියේ අදහස්‌ ප්‍රකාශ කිරීමට තමන් සූදානම් බව ද එම රාජ්‍ය ඇමැතිවරු පවසා තිබේ.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රාජ්‍ය අමාත්‍යාංශ සඳහා මේ වන විටත් රුපියල් මිලියන ගණනක මාසික කුලියක්‌ අදාළ කාර්යාල පරිශ්‍රයන් වෙනුවෙන් ගෙවන බවත් එක්‌ අමාත්‍යාංශයකට පෞද්ගලික කාර්ය මණ්‌ඩලයේ සාමාජිකයන් පහළොස්‌දෙනකු සඳහා ද වැටුප්, ඉන්ධන ආදිය මාස දෙකක්‌ තිස්‌සේ ගෙවා ඇති බවත් ය.

සෙත්සිරිපායේ පවත්වාගෙන යන එක්‌ රාජ්‍ය අමාත්‍යාංශයක කාර්යාල කුලිය පමණක්‌ මසකට රුපියල් ලක්‍ෂ හතළිහක්‌ ගෙවන බව ද පෞද්ගලික කාර්ය මණ්‌ඩල වැටුප් හා ඉන්ධන සඳහා පමණක්‌ මසකට රුපියල් ලක්‍ෂ පහළොවක්‌ වැය වන බව ද ඔවුන් පවසති.

එමෙන්ම මෙම අමාත්‍යාංශ සඳහා රාජ්‍ය නිලධාරීන් ද පත්කර ඇති අතර විෂය පථයන්, රාජකාරි වෙන්කර දී නැති නිසා මෙම සියලුම සේවකයන්ට සිදුව ඇත්තේ නිකරුණේ කාලය ගතකිරීමට බව ද මේ නිසා එම නිලධාරීන් දැඩි කලකිරීමකට පත්ව සිටින බව ද පවසන එකී රාජ්‍ය අමාත්‍යවරු වැඩිදුරටත් අවධාරණය කරන්නේ මාස දෙකක්‌ තිස්‌සේ රාජ්‍ය අමාත්‍යාංශවලට බලතල නොපැවරීමෙන් රටේ බදු මුදල් විශාල ප්‍රමාණයක්‌ අපතේ යන බවයි.

රාජ්‍ය ඇමැති ධුර ලැබුණ ද ඉන් තම ජනතාවට කිසිදු සේවාවක්‌ කිරීමට අවස්‌ථාව උදාවී නැතැයි පවසන මෙම රාජ්‍ය ඇමැතිවරු කාර්යභාරයක්‌ නැතත් දිනපතා අමාත්‍යාංශයේ රැඳී සිටීමට සිදුවීම නිසා තම දිස්‌ත්‍රික්‌කවලට ගොස්‌ ජනතාව හමුවීමේ හැකියාව ද අවහිර වී ඇතැයි කියති.

එනිසා රාජ්‍ය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්‌වී පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස ගමට ගොස්‌ ජනතාවට සේවය කිරීම වඩා සුදුසු බව මොවුන් පවසති.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6779978927240031233

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item