මාතර රෝහලේදී අත කපා දැමූ අචලා කෝටි 10 ක්‌ ඉල්ලයි

මාතර මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තමාගේ වම් අත කපා දැමීමෙන් සිදුකළ පාඩුවට සෞඛ්‍ය බලධාරීන්ගෙන් හා රජයෙන් කෝටි 10 ක වන්දියක්‌ ඉල්ලා ඌරුබොක...

මාතර මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තමාගේ වම් අත කපා දැමීමෙන් සිදුකළ පාඩුවට සෞඛ්‍ය බලධාරීන්ගෙන් හා රජයෙන් කෝටි 10 ක වන්දියක්‌ ඉල්ලා ඌරුබොක්‌ක හීගොඩ බොරදුවහේන පදිංචි අචලා ප්‍රියදර්ශනී පැවරු නඩුව ලබන නොවැ. 02 විභාගයට ගැනීමට කොළඹ දිසා විනිසුරු ටී. අයි. ඩී. ගුණසේකර මහතා තීරණය කළේය.

බිම වැටී අත කෙටීමෙන් ඇතිවූ වේදනාවෙන් මාතර මහ රෝහලට ඇතුලත්වූ ඇයට කොළඹ ජාතික රෝහලෙන් පිටවීමට සිදුවූවේ වම් අත කපා දැමීමෙන් පසුව යෑයි උසාවියට ගොනුකර ඇති පැමිණිල්ලේ සඳහන් කර ඇත.

ඇය මාතර රෝහලට ඇතුලත්වී ඇත්තේ 2013 ජනවාරි 17 දායි. ඒ වන විට ඇය නීතිය හදාරමින් සිටි ශිෂ්‍යාවකි. පසුව කොළඹ මහා රෝහලට මාරු කර ඇත.

ඇය කියා සිටින්නේ රෝහලේ කාර්ය මණ්‌ඩලය වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම නිසා අත කපාදැමීමට සිදුවූ බවයි. වම් අතට දමා තිබූ වෙලුම බුරුල් නොකිරීම, වෙළුම දමා තිබූ අතේ නහර අප්‍රාණික වීම වැලැක්‌වීමට හා අත කපා දැමීමට සිදුවීම වැලැක්‌වීමට පියවර නොගැනීම, ඇගේ සෞඛ්‍ය තත්ත්වය පරික්‍ෂාකිරීමට සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ සහාය ලබා නොගැනීම නිසා තමාට එවන් අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ පෑමට සිදුවූ බවද පෙත්සමේ සඳහන් කර ඇත.

මාතර රෝහලේ අධ්‍යක්‍ෂ දිල්කා සරනසිංහ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය පාලිත ගුණරත්න මහීපාල, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුදර්මා කරුණාරත්න හා නීතිපතිට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

නීතිඥ ජී. ජී. අරුල්ප්‍රකාශම් මහතාගේ උපදෙස්‌ පිට ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා සුගත් කල්දේරා පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටිති.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3267906431121006277

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item