අතුල නැති වීම ගැන දුකයි, නමුත් එයා මාව අත්හැරලාම නෑ - අමායා

අම්ම කෙනෙක් වෙලා දැන් අවුරුදු තුනක් ගතවෙලා නේද? ඇත්තටම හරි ඉක්මනටම කාලය ගත වුනා වගේ මගේ දුව ග්ලෝරි ඇනා අධිකාරිට දැන් අවුරුදු තුනක් පිරුණා...


අම්ම කෙනෙක් වෙලා දැන් අවුරුදු තුනක් ගතවෙලා නේද? ඇත්තටම හරි ඉක්මනටම කාලය ගත වුනා වගේ මගේ දුව ග්ලෝරි ඇනා අධිකාරිට දැන් අවුරුදු තුනක් පිරුණා ඒ කියන්නේ මම අම්ම කෙනෙක් වෙලා දැන් අවුරුදු තුනක්.

 දුව දැන් අමායගේ වැඩවලට කොච්චර විතර කරදර කරනවාද? එයා දග නෑ. ඒ නිසා කරදර කරන්නේ නෑ. මම කරන දේවල්ම කරන්න එයා පුරුදු වෙලා.

දුව අතුලවත් නිතරම හොයනවද? ඇත්තම කතාව දුවට දැන් අතුල ගැන මතක් වෙන්නේ නැති තරම්. මොකද අතුල අයියා අපිත් එක්ක එක ගෙදර හිටියේ දුවට අවුරුදු දෙකක් වෙනකල් විතරයි. එයා දැන් තනියම ගෙදරක ඉන්නේ. දුව එයාව දිකින්නේ මාසෙකට සැරයක් විතර. අතුල අයියා ගෙදරින් ගියපු මුල් දවස්වල තාත්ති කෝ කියලා දුව එයාව හෙව්වා. දැන් ගාණක් නැහැ.

අතුල. අමායයි දුවයි ගැන හොයලා බලනවද? හොයලා බලනවා. කතාත් කරනවා. හැබැයි ඉස්සර වගේ නිතර කතා කරන්නේ නැහැ. ඒත් අපි වෙන්වෙලාවත් දික්කසාද වෙලාවත් නැහැ.

එතකොට ඇයි අතුල එකපාරටම යන්න ගියේ. අතුල අයියා හැමදාම පවුල් ජීවිතේට වඩා එයාගේ සංගීත වැඩවලට මුල්තැන දීපු කෙනෙක්. වැඩවලට ලේසි වෙන්න කියලා තමයි ගෙදරින් ගියේ. බදින්න කලින් නම් මාව නැතිවම බැරි වුණා. හැමදාම ළග ඉන්නකොට අගේ අඩුවෙනවා කියලා හිතුණද දන්නේ නැහැනේ.

අමායා කැමැති වුණාද අතුල ගෙදරින් යනවාට? මට අතුල අයියව නැතිව ඉන්න බැරි කාලයක් තිබුණා. ඒ කාලේ එයා එක දවසකට රට යනවා කිව්වත් මම පෙරළි පෙරළී ඇඩුවා. ඒත් දැන් හැමදේම හරි ගිහින් එයාට වෙනම ඉන්න ඕන කිව්වම මම එයාගේ කැමැත්තට ඉඩදුන්නා.

ඔය තීරණේ ගත්තේ දෙන්නගේ හිත් අමනාපකමක් නිසාද?අතුල අයියා ෂණිකව ගොඩක් තරහා ගත්ත කෙනෙක්. එයාගේ ඒ විදිහත් එක්ක තනි ජීවිතේ එයාට හොද ඇති. අපි එක ගෙදර නොහිටියට තරහක් නම් අපි අතර නැහැ.

අමායා අතුලව ළං කරගත්තේ අමාරුවෙන්. ඇයි ලේසියෙන්ම යන්න දුන්නේ? මම අතුල අයියට ළං වෙද්දි මට ගෙඩාක් ප්‍රශ්න ආවා. මගේ නොකියපු දෙයක් නැහැ. මම මගේ තනි කැමැත්තට හැමදේම කළේ. අද මම ඉඩ දීලා තියෙන්නේ අතුල අයියගේ කැමැත්තට. එයා ශ්‍රීග්‍රයෙන් ඈත් වුණු එක ගැන මට දුකයි. ඊටත් වඩා දුකයි මගේ දරුවාගෙන් ඈත් වුණු එකට.

අතුල අමායවත් අත්හැරලා කිව්වම ආයෙත් අමායට කතා හැදෙයිනේ? දැනටමත් එක එක්කෙනා එක එක කතා කියනවා. මොකද දැනටමත් සමහර අය දන්නවා අතුල අයියා ඉන්නේ වෙනම කියලා. දැන් ඔය කතා අහලා මට හොදට පුරුදුයි. අනික ඔය කතා අහලා මම උත්තර දෙන්න යන්නේ නැහැ.

අන්තිමට අමායට වුණේ සමිතාට වුණු දේමද? එයා මාව අත්හැරලාව නැහැ. ඒ වුණත් මේ යන විදිහට මම තනිවේවි. මගේ දරුවා එක්ක. එයාට වැඩි ආසාව තියෙන්නේ තනියම ඉන්න වෙන්න ඇති. ගෙදර හිටියත් එයා තනියම ඉන්න තමයි කැමැති වුණේ. බදින්න කලින් එයාගේ ඔය තනිවෙන පුරුද්ද ගැන මම දැනගෙන හිටියේ නැහැ. දැනගෙන හිටියා නම් බදින්නේ නැහැ.

ඔය දෙන්න අතරේ තියෙන්නේ වයස ප්‍රශ්නයක්? මම ඉස්සරනම් කිව්වේ මගෙයි අතුල අයියගෙයි වයස්වල වෙනසක් නෑ කියලා. ඒ වුණාට මට දැන් දැනෙනවා වයස ප්‍රශ්නයක් තියෙනවදෝ කියලා. ලබන අවුරුද්ද වෙද්දි අතුල අයිට 50යි. මට 27යි. ඇත්තටම අපි දෙන්නගේ හැගීම් වෙනස්. මම තාම තරුණයි.

අතුලගේ වෙනසට පවුලේ වගකීම් වැඩි වුනු එකත් හේතුවක්ද? අතුල අයියා සමීතාව තනි කළෙත් දරුවෝ දෙන්නෙකුගේ වගකීම් දීලා. එයා මටත් දරුවෙකුගේ වගකීම දුන්නා. එයා මේ කරන වැඩේ වගකීම්වලින් පැනලා යාමක් වගේ. එයාට ඕන කරන තනිකඩ ජීවිතේ වෙනුවෙන් එයා හැමදේම අත්හරිනවා.

අමායා නිසා සමීතාට වුණු දේම අමායාටත් වුණා කිවිවොත්?අතුලගෙයි සමීතගෙයි පවුල කැඩුණේ මම නිසා නෙමෙයි. ඒ දෙන්නගේ පවුල කැඩෙන්න ඇත්තම හේතුව ඒ දෙන්නා කියන්නේ නැහැනේ. මට නම් වුණේ අතුල අයියා අමුතු ගති තියෙන කෙනෙක් බව දැන දැනම අමාරුවක වැටුණු එක.

අමායා අතුලව දැනගෙන කොච්චර කල්ද? දැන් අවුරුදු 10ක් වෙනවා. එයා හැරෙද්දි මට කියන්න පුලුවන් එයා කරන්න යන දේ මට හිතෙනවා. අතුල සමීතා කියන බැදීමට වඩා අතුල අමායා බැදීම හයියයි කියලා.

බැදීම හයියනම් දාල ගියේ කාගේ වරදින්ද? තාම අපි වෙන්වෙනවා කියලා තීරණය කරලා නැහැ. ඒත් අපේ බැදීම්වලට වඩා එයාට එයාගේ වැඩ ලොකු වෙලා.

මේ වෙච්ච දේවල් ගැන අමායා සමීතා එක්ක කතා කළාද?මමි සමිතයි මුල් කාලේ ගොඩක් කිට්ටුවෙන් ආශ්‍රය කරපු බව ඇත්ත. කාලයත් එක්ක මට හිතුණා ඒ කිට්ටු ඇසුර ගැළපෙන්නේ නැද්දෝ කියලා. දැන් ඉදහිට හම්බ වුණොත් කතා කරනවා හැරුණාම සමීතගෙයි මගෙයි කිට්ටු යාළුකමක් නැහැ. ඒ නිසාම සමීතාට මේ දේවල් කියලා නැහැ.

අතුල සමීතා ආයේ එකතු වුණොත්? අතුල සමීතා එක්ක ආයේ දීග කන්න ගියත් මට කමක් නැහැ. මට දුක මගේ දුව ගැන. අතුල අයියා සමිතාව අත්හැරියේ දුරුවෝ ලොකු කාලේ. ඒත් මගේ දුව තාම නොතේරන වයසේ. මට ඒ ගැන තරහකුයි දුකකුයි තියෙනවා.

දැන් අමායාගේ ගෙදර අය මොකද කියන්නේ? මට තමයි බණින්නේ. මේක මගේ තනි කැමැත්තට කර ගත්තු දෙයක් නේ. හැබැයි මම අතුල අයියව බැන්දට පස්සේ අපේ ගෙදර අයත් එයාට කිට්ටු වුණා. දැන් නම් බැණුම් ඔක්කොම එන්නේ මගේ පැත්තට.

අමායාට තනියම ජීවත් වෙන්න පුළුවන්ද? මම අහසින් වැටණු කෙනෙක් නෙමෙයි. මට මගේ හැකියාවලින් රස්සාවක් කරලා මගේ ජීවිතේ වැටෙන්නේ නැතිව තියාගන්න පුළුවන්. ඒත් මම තාම තරුණයි.

ඒ කියන්නේ ඉඩ ලැබුණෝ ආයේ විවාහ වෙනවා? වැරදි තීරණයක් නිසා මට වැරදුණා කියලා හිත හදාගෙන හරියන කෙනෙක් ලැබුණොත් විවාහ වෙනවා. ආයේ බදින එකේ වරදක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ.

ආයේ වැරදුණොත්? ආයෙමත් වැරදෙන්න මම ඉඩදෙන්නේ නෑ.

ඒ කියන්නේ අතුල අමායාව රැවැට්ටුවාද? එහෙම නමෙයි. ඒත් අවුරුදු 10ක් දැනගෙන ඉදලත් ඇත්ත කෙනාව හදුනාගන්න බැරි වුණා. ඒක අතකින් අවුරුදු 16ක් එකට හිටපු සමිතටත් අතුල අයියව හරියට තේරුණේ නැති එකේ මේ වෙච්ච දේ පුදුමත් නෑ.

කාලෙන් කාලෙට රට්ටුන්ගෙන් කතා අහන දෙයක් අමායාට වෙනවාමයි නේද? මේ වගේ දේවල් රටේ ඕන තරම් වෙනවා ඇති. අපි ප්‍රසිද්ධ නිසා අපේ ජීවිතවල තියෙන දේවල් ගැන කතා වෙනවා වැඩියි.

ඉක්මටම අමායාගේ අධිකාරි නම ගැලවෙයිද? අධිකාරි නම් හබ්බ වුණු නිසා තමයි ප්‍රශ්න කොඩකට පස්සෙත් මම මෙහෙම ඉන්නේ. මට දැන් හිතෙනවා. මම ඒ නම බලෙන් ගත්තද කියලත්. ඒ නමේ අයිතිකාරයාට මාව එපා නම් මටත් ඒ නම එපා. එහෙම වුණොත් තව අලුත් දේවල් මගේ ජීවිතේට එකතු වේවි.

මේ දේවල් කරන්නේ ජනප්‍රිය වෙන්න හිතාගෙන නෙමෙයිනේ?මම අමුතුවෙන් ජනප්‍රිය වෙන්න ඕන නැහැ. මිනිස්සු මාව දන්නවා. මම දැන් කරන රූපවාහිනී වැඩසටහන නිසා මට ඒ බව හොදටම තේරෙනවා.

අමායාගෙයි අනුජගෙයි තියෙන යාළුකම කොයි වගේද? මම රූපවාහිනියේ වැඩසටහන කරන අනුජ මගේ යාළුවෙක් විතරයි. අපි වැඩසටහනට අත් අල්ලගෙන හිටපු පලියට අනුජටයි මටයි නම් කතා හදන්න එපා. මගේ ජීවිතේට ආවොත් එන්නේ වෙන කෙනක්. ඉස්සරහට වෙන දේවල් බලලා ඒ ගැන කතා කරමු.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 1528714022001912827

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item