'ජනපතිගේ නම්බුවත් බම්බුවට දාපු අයවැයක්' - ගම්මන්පිල [VIDEO]

පිවිතුරු හෙළ උරුමයේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල විසින් මෙසේ අදහස් පල කලේය. ල...

පිවිතුරු හෙළ උරුමයේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල විසින් මෙසේ අදහස් පල කලේය.

ලංකා රජ්‍යය දුර්වල කිරිමේ ඇමරිකානු මෙහෙයුම

පසුගිය සදුදා මුල්වරට හෙළි කරමින් අපි කියුවා එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජිතවරිය වන සමැන්තා පවර් ලංකාවට එනවා කියලා. විදේශ අමාත්‍යංශයවත් තානාපති කර්යාලයවත් එය හෙලි කළේ නෑ ඊට ප්‍රථමව. අපේ හෙලිකිරිමෙන් පස්සේ එ අයත් නිවේදන නිකුත් කරලා එය තහවුරු කලා. අපේ ප්‍රශ්නය සමැන්තා පවර් එක්සත් ජාතින්ගේ සංවිධානය තුළ නියෝජනය කරන්නේ ඇමරිකාව නම් ලංකාවට එන්නේ ඇයි? එතුමිය ලංකාවට අව ගමන් තිබුණු මාධ්‍ය හමුවේ දි කියුවේ ශ්‍රි ලංකාවේ ජනාධිපතිතුමා විධායක ජනාධිපතික්‍රමය අහොසි කරන්න ගත්ත තීරණය වඩා හොද දෙයක් ඇමරිකාව එක අගය කරනවා. එක ඉතා ප්‍රශංසනීයයි කියලා. අපිට තියෙන ප්‍රශ්නය තමයි විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරිම හොද දෙයක් නම් ඇයි ඇමරිකාවේ එය කරන්නේ නැත්තේ? ලංකාවට ඇවිත් අගය කරන්නේ?

ඇමරිකා එක්සත් ජනපදය තමයි ලෝකයේ වැඩිම කාලයක් විධායක ජනාධිපතික්‍රමය පවතින රට. 1789 සිට අද දක්වා වසර 226ක් ඇමරිකාව පාලනය කරන්නේ විධායක ජනාධිපතික්‍රමය යටතේ. ඇමරිකා එක්සත් ජනපදයෙන් කිසිම දිනක විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන්න කියලා කිසිම උද්ඝෝෂනයක් තියා කෙදිරිල්ලක් වත් නෑ. ලංකාවේ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන එක හොදයි කියන සමැන්තා පවර් කිසිම දිනක ඇමරිකාවේ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරනන්න හඩක් නගලා නෑ. ඇමරිකාව ශක්තිමත් රාජ්‍යයක් කරගන්න නම් විධායක ජනාධිපතික්‍රමය ඔනේ කියලා ඒ අය දන්නවා. ඔවුන්ට ඔනේ තුන්වන ලෝකයේ රටවල් දුර්වල කරන්න. තුන්වන ලෝකයේ රටවල් දුර්වල කරන්න ඒ අය උපක්‍රම දෙකක් පචිච්චි කරනවා.

පළමු එක තමයි රට පෙඩරල් කරලා කැලි කැලි වලට කඩන එක. දෙවැනි එක ශක්තිමත් මධ්‍ය රාජ්‍යයක් ගොඩනගන විධායකය දුර්වල කිරිමට කටයුතු කිරිම. ඔවුන් මේක ඉරකයට, නේපාලයට සිදුකලා දැන් ලංකාවටත් කරමින් ඉන්නවා. සමැන්තා පවර් තමන්ගේ විෂයට බාහිරව ලංකාවට එන්න හේතු අපි ඉදිරිපත් කරනවා. එක්සත් ජාතින්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබද අමාත්‍යංශය තුන්වන ලොකයේ රට වල ජනවාරික ගැටලුවලට පෙඩරල් ක්‍රමය විසදුමක් ලෙස ව්‍යාපෘතියක් කරගෙන යනවා. ඒ ව්‍යපෘතිය ඉලක්ක කරගත් එක රටක් ශ්‍රි ලංකාව. මේ ව්‍යපෘතිය අරම්භ කරනේ 2012 වර්ෂයේ සමැන්තා පවර්ගේ වුවමනාව නිසාමයි. සමැන්තා පවර් කියන්නේ පෙඩරල් ව්‍යපෘති ප්‍රචලිත කිරිමේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මුලිකයා නිසා තමයි තමන්ගේ පෙඩරල් ඉලක්කයක් වුනු ශ්‍රි ලංකාවේ සංචාරය කරන්නේ. ඒ නිසා තමයි සමැන්තා පවර් ලංකාවට එම අපිට ප්‍රශ්නයක් වෙන්නේ.

විපක්ෂයට සහන ගෙනා අය වැය

අයවැය ගැනනම් අපිට තව මාස ගණනාවක් උනත් කතාකරන්න පුළුවන්. මේ අයවැය ජනතාවට සහන නොදුන්නට විපක්ෂයට සහන දුන්න අයවැයක් විදිහටයි අපි දකින්නේ. මොකද අපිට වසර පුරාවට කතාකරන්න කරුණු මේ අයවැයෙන් ඉදිරිපත්කරල තියෙනව. විපක්ෂය ගැන සිතා ඉදිරිපත් කළ මේ අය වැය ගැන ගරු මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමන්ට අපේ ප්‍රණාමය පුද කරනවා.

මේ අය වැය පුස්සක්. දර්ශනයක් නැති, ඉදිරි දැක්මක් නැති, මව්බිමේ සැබෑ ප්‍රශ්නවලට විසුදුම් නැති අයවැයක්. ඒ විතරක් නෙවේ එජාපය විපක්ෂයේ ඉන්න කාලෙ, අපේ ලග ආර්ථික විශේෂඥයන් ඉන්නවය, ගණකාධිකාරීවරුන් ඉන්නවය, පෞද්ගලික අංශයේ දැවැන්ත ව්‍යාපාරිකයන් ඉන්නවය ආර්ථික කළමනාකරනයේ කෙරුමො අපි කියලයි කිව්වේ. කණ කොක් සුද ඉගිලෙනවිට පේනවා වගේ එජාපයේ බැරියාව පේන්න ගත්තේ මේ අයවැයෙන් පස්සෙයි.

දෙක වසර පන්තියේ දැණුමත් නැති අපේ මුදල් ඇමති

ඒ වගේම තමන් ඡන්දය ගත්තාට පස්සේ බොරු කිවූ බව පිළිගත් අයවැයක් මේක. ඔබට මතක ඇති පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ ප්‍රකාශනයේ මේ ගොල්ල කිව්වා වී කිලෝ එකට රුපියල් 50ක සහතික මිලක් ලබාදෙන බව.

නමුත් පසුගිය මාස 10 යම වෙළද පොලේ වී විකුණුවේ රුපියල් 22ත් 30ත් අතරයි. රු 50 ලැබුනේ නෑ. දැන් මේ අයවැයෙන් කියනවා වී කිලෝවට 50 දෙන්න බැරියෝ, අපි 38 ගන්නම් කියලා. හේතුව විදිහට කියනව වී මිල 50ට වැඩිකළාම හාල් මිල ඉහල යනවළු. අපේ මුදල් ඇමතිතුමන් වී මිල ඉහල දැමුවම හාල් මිල ඉහල යන බව දැනගෙන තියෙන්නේ නොවැම්බර් මාසෙ 19 වෙනිදා. රුපියල් 50ට වී මිල ඉහල දමනකොට හාල් මිල ඉහල යන බව එතුමා එදා දැන නොසිටියාද? අපේ ආණ්ඩුව රුපියල් 30 වී සහතික මිලක් නියම කලේ ඊට වඩා ඉහල මිලක් නියම කලොත් ජනතාවගේ ප්‍රධාන ආහාරය වන සහල් වල මිල ඉහල යන නිසයි. එවිට පාරිභෝගිකයා අසීරුතාවයට පත්වන නිසයි. එජාපය මාස 10 තටමල තටමල තමයි මේ සරල කරුණ තේරුම් අරන් තියෙන්නේ. ඉතින් මේ දෙකේ පන්තියෙ දරුවෙක් දන්න සරල කරුණ අපේ ගරු මුදල් ඇමතිතුමන් පසුගිය සතිය වෙනකනුත් දැන ඉදල නෑ. ඒ නිසා එතුමා ජාතියෙන් සමාව ගන්න ඕනෙ ඡන්දය කාලෙ බොරු කිව්වට.

නංගි ඔයා කාර් එක ගත්තතද ?

මේ ආණ්ඩුව පසුගිසය මාස තුනට දැන් දෙවෙනි වතාවටත් වාහන මිල වැඩිකරල තියෙන්නේ. මීට කලිනුත් මං කිවිවා වගේ මෝටර් සයිකලයෙන් මහවැස්සේ තෙමීගෙන ගෙට එන දියණිය කියනව පංචවිධ කියාවලිය යටතේ රනිල්ගේ ආණ්ඩුවකින් අපිටත් පුළුවන් කාර් පොඩ්ඩක් ගන්න කියල. වැස්ස පෑයුවත් ඒ දියණියට ගෙයින් එලියට එන්න විදිහක් නෑ. මොකද පාරෙ යද්දි කට්ටිය අහනව නංගි ඔයා කාර් එක ගත්තතද කියල. විශේෂයෙන්ම පසුගිය රජයෙන් මිල වැඩි නොකල පරිසර හිතකාමී විදුලි මෝටර් රථවල, හයිබ්‍රිඩ් මෝටර් රථවල මිල මිල ලක්ෂ 4 සිට 70 දක්වා වූ පරාසයක වැඩිවී තියෙනවා. දැන් ඒකට රවි කරුණානායක මුදල් ඇමතිතුමන් දෙන උත්තරය තමයි අපේ වාහන මිල අඩුකරන්න පුළුවන් එහෙම කලොත් අපේ පාරවල් වල වාහන තදබදය වැඩිවේවි. ඒ විතරක් නෙවෙයි අමතර කොටස් ගේන්න, ඉන්ධන ගේන්න අපේ තියෙන සීමිත විදේශ විනිමය වැය වෙලා ගෙවුම් ශේෂයට ප්‍රශ්නයක් වෙනවා කියල ටොයියන් දැන් කියනවා.

ඇයි හත් දෙයියනේ පංච විධ ක්‍රියාවලිය යටතේ වාහන මිල අඩුකරල මෝටර් සයිකලයෙන් යන හැමෝටම වාහනයක් දෙනවා කියන කොට දැනගෙන හිටියෙ නැද්ද මේ අය වාහන ගේන්නේ පිට රටින් කියල. ඉන්ධන ගේන්නේ පිට රටින් කියල. මහා මාර්ග වල තදබදය වැඩිවෙනව කියල. අමතර කොටස් ගේන්නෙ පිට රටින් කියල. මේ අය වී වලට සහතික මිල වගේම සෑම පවුලකටම වාහනයක් කිව්වෙ ඡන්ද ටික ගන්න ප්‍රෝඩාවට විතරයි.

පරිසරයට වාහන වලින් සිදුවන හානිය අවම කරන්න අපේ ආණ්ඩුව හදුන්වා දුන්නා දුම් පරික්ෂාව. දරුවන්ට නොනවතින කැස්ස පවතින්නට ප්‍රධාන හේතුවක් වුනේ මේ රථවාහන දුම නිසා ඇතිවන වායු දූෂනයයි. ඇදුම, පෙනහළු ආශිත රෝගී තත්වයන් වැනි විවිධ ගැටළු රාශියක් මේ දුම නිසා ඇති වුනා. ඒ නිසා තමයි අපි දුම් පරීක්ෂාව හදුන්වා දුන්නේ. මෙවැනි පරීක්ෂාවක් සදහා ජනතාව පෙළබෙන්න නම් ඒ සදහා සාධාරන ගාස්තුවක් අය කළ යුතුයි. මෙහිදී රජයක් දෙයාකාරයකින් අය කිරීම් කරනවා. එකක් බදු. අනික ගාස්තු. බදු අයකරන්නේම ආණ්ඩුවට ආදායම් ලබන්න. රජ කාලෙනම් කියල තියෙන්නේ බබරෙක් මල නොතලා රොන් ගන්නවා වගේ ජනතාවගේ ඇගට නොදැනෙන්නයි බදුගන්න ඕනේ කියලා. දුම් පරික්ෂාව අයත් වෙන්නේ ගාස්තුවලට. ගාස්තු කියන්නේ රජය ලබාදෙන යම් සේවාවක් සදහා රජයට යන වියදම සේවාව ලබාගන්නා පුද්ගලයාගෙන් අය කිරීමයි. දුම් පරීක්ෂාව සදහා ආණ්ඩුවට අය කරන්න පුළුවන් ඒ සේවාව සදහා වැයවන මුදල් පමනයි. මොකද මේක ලාභ උපයන ව්‍යපෘතියක් නෙවෙයි. ඒකත් දැන් රුපියල් 5000 දක්වා වැඩිකරලා. දැන් මොකද වෙන්නෙ. වාහන හිමියො දුම් පරික්ෂාවට යොමු වෙනව වෙනුවට හොර දුම් සහතික ගන්න උත්සහ කරනව. මේ හරහා නිසි ප්‍රමිතියකින් තොර වාහන පරිසරයට එක් වීමෙන් විෂ දුම් පිටවීම හරහා පරිසර දූෂනයයි වෙන්නේ. ඒ නිසා පරිසර හිතකාමීව ආරම්භ කළ ව්‍යාපෘති වලින් ලාභ ඉපයීම මූලික කරගෙන කටයුතු කරල අපේ රටේ පුංචි දරුවන් අමාරුවේ දාන්න එපා කියල අපි මේ ආණ්ඩුවේන් ඉල්ලා සිටිනවා.

වාහනවල කළු කොඩි එසවෙන දිනය අත ලගයි.

වාහන ගැන බොරු පොරොන්දු දී බලයට පැමිනි ආණ්ඩුව වාහන හිමියන් සහ වාහනයක් මිලට ගැනීමේ බලාපොරොත්තුවෙන් හිටි අයටත් බලවත් අසාධාරණයක් කරල තියෙනවා. ඒ නිසා මේ බලවත් අසාධාරනයට විරෝධය පළ කරන්න අපි කළු කොඩි දිනයක් ප්‍රකාෂයට පත්කරනවා. ඒකාබද්ධ විපක්ෂය ලෙස ඉදිරියේදි අපි ඒ දවස ප්‍රකාශයට පත්කරනව. ඒ දවසේ සෑම වාහනයකම කළු කොඩියක් ඔසවා මේ ජනතාව පිළිබද සංවේදී නොමැති ජනතාව සූරාගෙන කන ආණ්ඩුවට විරෝධය දක්න්න මෙන් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජනතාව අමතක කර බටහිරට සැලකීම

ජනපතිවරනයේදී, මහ මැතිවරණයේදී ජනතාවට පොරොන්දු වූ සහන රජය විසින් මේ අයවැයෙන් ඉවත දමා තියෙනවා. හැබැයි තමන්ව බලයට ගෙන ආ විදේශිය බලවේග වලට ඉනම් මේ ආන්ඩුව පොරොන්දු ඉටුකරමින් යනවා. අපේ පුරවැසි කමත් විකුණා දමා තියෙනවා. ලෝකයේ පුරවැසිභාවය විකුණන එකම රට බවට අද ලංකාව පත්වෙලා. රවි කරුණානායක ඇමතිතුමන්ගේ යෝජනාවට අනුව ඩොලර් මිලියණ 5ක් ගෙවනවනම් ලෝකයේ ඖනෑම කෙනෙකුට අපේ රටේ පුරවැසිකම ගන්න පුළුවන්. ද්විත්ව පුරවැසි භාවය ලබාදීමේ ක්‍රමවේදයේදී ලක්ෂ 2 ලක්ෂ 3 දක්වා වැඩිකර තිබෙනවා. ද්විත්ව පුරවැසි බව ලබාගනිද්දි සියළු දේවල් පරික්ෂාකර බලලයි ලබාදෙන්නේ. නමුත් ඩොලර් මිලියන 5ක් තියෙනවනම් ඕනෑම කෙනෙකුට පුරවැසි බව ලැබෙනවා. මොකද මේ ආණ්ඩුවේ න්‍යාය වෙලා තියෙන්නේ බල්ලො මරල හරි සල්ලි හම්බකළාට සල්ලි බව් බව් ගාල බුරන්නෑ. වලංගු ඩොලර් වලින් තමයි ගෙවීම් කරන්නේ. නමුත් ඒ ඩොලර්වල තියෙන්න පුළුවන් ලේ දැලි කුණු මඩ. නමුත් ඒව ආණ්ඩුවට ප්‍රශ්න නෙවෙයි. වලංගු ඩොලර් දෙනවනම් ඒ අය ලෑස්තියි ශ්‍රී ලංකාවේ පුරවැසි කම විකුණා දමන්න.

එක පැත්තකින් පුරවැසි කම විකුණද්දි අනිත් පැත්තෙන් අපේ රටේ ඉඩම් ටික සල්ලිවලට දෙනවා. අපි දැක්කා යුද්ධය අවසන් වුනාට පස්සේ සංචාරක ප්‍රවාහයක් රට ඇතුලට ආවා. ඒ සංචාරකයො නොසිතූ ලෙස මුදල් වියදම් කරමින් අපේ රටේ හොදම බිම් තීරයන් අත්පත් කරගන්නාවිට විදේශිකයන්ගේ සල්ලිවලට ස්වදේශිකයාගේ උපන්බිම අහිමිවෙන තත්වයක් ආවා. ඒ නිසා අපේ ආණ්ඩුවෙන් විදේශිකයන් මිලදී ගන්නා ඉඩම්වලයට 100% බද්ධක් දැම්මා. විදේශිකයන් මේ රටේ ඉඩම් අයිතිකරගැනීම නැවැත්වීමට පැනවූ ඒ බද්ධ මේ ආණ්ඩුව විසින් ඉවත්කර තියෙනවා. ආණ්ඩුවට සල්ලිනෑ කියා අඩා වාටෙන මේ මොහොතේ මේ බද්ධ ඉවත්කරන්නේ ඇයි. තමන්ව බලයට ගේන්න උදව්කරපු බටහිර බලවේගවලට දුන් මැතිවරණ පොරොන්දු ඉටුකරමින් තමයි මේ ආණ්ඩුව විදේශිකයන්ට පුරවැසි කම විකුණන්නේ, විදේශිකයන්ට අපේ රටේ ඉඩම් බදු නැතිව විකුනන්න හදන්නේ. ගුවන්තොටුපලේ බදු රහිත සාප්පු සංකිර්ණ වල අනිවාර්යෙන්ම දේශිය විදේශිය හවුල් ව්‍යාපාර විය යුතුයි කියලා අයවැයෙන් යොජනා කරලා තියෙන්නේ. තමන්ට බලයට එන්න උදවු කල විදේශිකයන්ගේ ඡන්ද පොරොන්දු ඉටු කරන්න. දේශිය ජනතාවට දුන්නු ඡන්ද පොරොන්දු අමු අමුවේ උල්ලංගනය කරන ගමන්ම විදේශිකයන්ට දුන්නු පොරොන්දු හිතේ හැටියට ඉටු කරන බවක් තමයි මේ අයවැය ලේඛනයෙන් පෙනෙන්නේ. මේක තවත් එක් අයවැය ලේඛනයක් නෙවෙයි තමන් ඡන්දට කියුවේ පට්ටපල් බොරු කියලා මාස 03ක් ඇතුලත පිළි අරගෙන තියෙනවා. අඩුම ගානේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගොවිපවුලකින් පැවකෙන නිසා එතුමාගේ දිස්ත්‍රික්කය වන පොලොන්නරුවෙන් වෙසෙන්නේ ගොවි පවුල් නිසා එතුමාගේ නම්බුව ගැන හිතලවත් ආසාවට රුපියල් 50ට වී මිලදී ගැනීම එක අවුරුද්දක් සිදු කරන්න තිබුණා. ජනාධිපතිතුමා අපි ගැන නෙවෙයි එතුමා ගැනවත් හිතන්නේ නැතුව එතුමා නම්බුවත් බම්බුවට දාපු අය වැයක් විදිහට අපි මේ අය වැය දකිනවා.

එක්සති ජාතික පක්ෂය කයිවාරු ගහපු ආර්ථික විශේඥයන් ඉන්නවා කියුව පක්ෂය ඉදිරිපත් කල මේ අය වැය පුස්ස බින්ද අය වැය කතාවක් ලෙස අපි දකිනවා.

එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් කුමාරරෝදය කියවලා නෑ කියලා කියන එකත් අපිට හිතුනා අය වැය කතාව ඉදිරිපත් කිරිමේ දී සිංහල බස හැසිරිම තුළින් අපි දැක්කා. ඒ නිසා අය වැය යොජනාවක් විදිහට ආණ්ඩුපක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන්ට කුමාරරෝදය පොත බැගින් ලබා දිය යුතුයි කියලා අපි යෝජනා කරනවා.



– අරවින්ද අතුකෝරල



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9163989329593664478

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item