රුධිර සොරකමක් ගැන පොලීසියට පැමිණිල්ලක්

කොළඹ මැලේ වීදිය ප‍්‍රදේශයේදී පැහැර ගැනීමට ලක්ව මීගමුව ප‍්‍රදේශයේ දමාගොස් සිටි තරුණයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටිනවා.පොලීසිය පැවසුවේ ව...

කොළඹ මැලේ වීදිය ප‍්‍රදේශයේදී පැහැර ගැනීමට ලක්ව මීගමුව ප‍්‍රදේශයේ දමාගොස් සිටි තරුණයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටිනවා.පොලීසිය පැවසුවේ විශේෂ පරීක්‍ෂණයක් සදහා ඔහු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙතද ඉදිරිපත් කරන බවයි.වයස අවුරුදු 20 ක් වන මෙම තරුණයා කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශයේ තාවකාලික නවාතැනක නතර වී සිට වායු සමීකරණ අලුත්වැඩියා කරන්නෙකු ලෙස රැකියාවක යෙදී සිටින අයෙක්.
 
ඔහුගේ ස්ථිර පදිංචිය අම්පාර ප‍්‍රදේශයේ බවද විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.පොලීසියට පැමිණිල්ලක් කරමින් මෙම තරුණයා ප‍්‍රකාශ කර ඇත්තේ ඊයේ රාති‍්‍ර ආහාරය ලබාගැනීම සදහා නවතැනින් පිටතට පැමිණි අවස්ථාවේ තමන් පැහැර ගැනීමට ලක් වූ බවයි.වෑන් රථයකින් පැමිණි පිරිසක් පිස්තෝලයක් පෙන්වා බිය ගන්වා පැහැර ගැනීම සිදුකළ බවද ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.වෑන් රථය තුළදී කිසියම් බීම වර්ගයක් තමන්ට පානය කිරීමට දුන් බවද අනතුරුව තමන්ට අධික නිදිමතක් දැනුනු බවද පැමිණිල්ලේ සදහන්.මීගමුව ප‍්‍රදේශයේ අතහැර දමා යාමට පෙර තමන්ගෙන් රුධිරය ලබාගැණුනු බවද ඔහු ප‍්‍රකාශ කරනවා.අදාළ විමර්ශන සදහා පොලිස්පතිවරයාද උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් ආරංචි පවසන්නේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3095169727207767698

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item