ටයිටැනික් නිළියගේ දරුවන්ට ෆේස්බුක් පිවිසීම තහනම්

අතිශය ජනප්‍රිය වූ ටයිටැනික් චිත්‍රපටයේ රෝස්ගේ චරිතයට පණ පෙවූ සුපිරි හොලිවුඩ් නිළි කේට් කියා සිටියේ යොවුන් දරුවන් සමාජ ජාල වබේ අඩවිවලට ඇබ්බැ...

අතිශය ජනප්‍රිය වූ ටයිටැනික් චිත්‍රපටයේ රෝස්ගේ චරිතයට පණ පෙවූ සුපිරි හොලිවුඩ් නිළි කේට් කියා සිටියේ යොවුන් දරුවන් සමාජ ජාල වබේ අඩවිවලට ඇබ්බැහි වීම නිසා ජීවිත විනාශ කර ගන්නා බවය. ෆේස්බුක් ට්විටර් ඇතුළු විවිධ සමාජ ජාල වබේ අඩවි නිසා නව යොවුන් වියේ දරුවන් අසාමාන්‍ය ලෙස ආහාර පාලනය කිරීම ප්‍රායෝගික ජීවිතයට හුරු නොවී සිහින ලෝකයක ජීවත්වීම වැනි භයානක තත්ත්වයන්ට මුහුණ දී ඇති බව කේට් කියා සිටියේ එම තත්ත්වය තම සිරුරේ ‍ලේ කෝපකරවන බවද පවසමිනි. ඒ නිසාම දරුවන් සිටින මවක ලෙස ඇය සමාජ ජාල වබේ අඩවිවලට විරුද්ධ බවත් තම නිවස සමාජ ජාල වබේ අඩවිවලට සපුරා තහනම් කලාපයක් බවට පත් කළ බවත් ඇය කියා සිටියාය.

තෙවතාවක් විවාහ වූ කේට් වින්සන්ට් තිදරු මවකි. ඇගේ වැඩිමල් දරුවා 14 හැවිරිදි වියේත් දෙවැන්නා 11 හැවිරිදි වියේත් බාල දරුවා තවමත් මාස 22 ක වයසේත් පසුවෙති.

අචිනි සෝමචන්ද්‍ර



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 1054950396916106515

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item