විශාමික සෙබළාගේ මුහුණෙන් කම්බි කූරූ ඉවත් කළ සැත්කම [PHOTOS]

මුහුණේ සහ වම් අතේ කම්බි කූරක්‌ ඇනීමෙන් 73 හැවිරිදි පේරාදෙණිය, සරසවිගම පදිංචි සුභාෂිත බංඩාර යටවර දෙදරු පියෙකු ඊයේ (03) පස්වරුවේ පේරාදෙණිය ශි...

මුහුණේ සහ වම් අතේ කම්බි කූරක්‌ ඇනීමෙන් 73 හැවිරිදි පේරාදෙණිය, සරසවිගම පදිංචි සුභාෂිත බංඩාර යටවර දෙදරු පියෙකු ඊයේ (03) පස්වරුවේ පේරාදෙණිය ශික්‌ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශරීරයේ තිබූ යකඩ කූරු දෙක පැය 3ක සාර්ථක සැත්කමකින් පසුව ඉවත් කර තිබෙනවා.

ඊයේ (03) උදෑසන 10.30 ට පමණ තම නිවස පිටුපස පස්‌ කණ්‌ඩිය පිරිසිදු කිරීමේදී පස්‌ කණ්‌ඩියෙන් ඇද වැටී පහල තිබූ කොන්ක්‍රීට්‌ කම්බිය මුහුණේ සහ අතේ ඇනී තිබෙනවා. 

නිවස දෙසින් තම සැමියා කෑගසන ශබ්දයක්‌ ඇසී සොයා බැලීමේදී නිවස පිටුපස පස්‌ කණ්‌ඩියේ ඉදි කර ඇති කොන්ක්‍රීට්‌ කම්බිය මත එල්ලී සිටින අයුරු දුටු බවයි ඔහුගේ බිරිඳ සඳහන් කරන්නේ. 

ඇය වහා අසල්වාසීන්ගේ උදව් උපකාර ඇතුව යකඩ කපන කතුරක්‌ උපයෝගී කර ගනිමින් කම්බිය කපා කම්බිය සමඟ සැමියා රෝහලට රැගෙන ගොස්‌ තිබෙනවා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1501051872546442016

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item