දකුණු සුඩාන ගුවන් යානයක් කඩා වැටී 45ක් මරුට

දකුණු සුඩානයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ගුවන්ගත වන අවස්ථාවේදී කඩා වැටීම නිසා පුද්ගලයන් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා...

The scene of a cargo airplane that crashed after take-off near Juba Airport in South Sudan

දකුණු සුඩානයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ගුවන්ගත වන අවස්ථාවේදී කඩා වැටීම නිසා පුද්ගලයන් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. එරට අගනුවර වන ජුබා හි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගමන් ආරම්භ කිරීමත් සමග යානය අනතුරට පත්ව කඩා වැටී තිබේ.

එරට ඇතැම් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම අනතුරින් සිදුව ඇති ජීවිත හානි ප්‍රමාණය වැඩිවිය හැකිය.

යානය අනතුරට පත්වන අවස්ථාවේදී යානයේ කොතරම් පිරිසක් සිටියේද හා යානය කඩා වැටුණු ගොඩබිම් ප්‍රදේශයේ කොතරම් පිරිසක් සිටියේද යන්න තවමත් පැහැදිලි නැත.

ඇන්ටනොව් වර්ගයේ මෙම යානය ගුවන් පථයෙන් මීටර් 800ක් ඔබ්බට කඩා වැටී තිබේ.

People gather at the site where a cargo plane crashed into a small farming community on a small island in the White Nile river



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 2008186916950950290

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item