අයවැයට එරෙහිව බැංකු සේවකයන්ගෙන් විරෝධතා දෙසතියක්‌

ලබන ජනවාරි මස මුල් දෙසතිය (ජනවාරි 01 වැනිදා සිට ජනවාරි 15 වැනි දක්‌වා කාලය) අයවැයට එරෙහි විරෝධතා දෙසතියක්‌ ලෙස නම් කර ජනතාව දැනුවත් කිරීම...

ලබන ජනවාරි මස මුල් දෙසතිය (ජනවාරි 01 වැනිදා සිට ජනවාරි 15 වැනි දක්‌වා කාලය) අයවැයට එරෙහි විරෝධතා දෙසතියක්‌ ලෙස නම් කර ජනතාව දැනුවත් කිරීමට ලංකා බැංකු සේවක සංගමයේ විධායක සභාව තීරණය කර ඇතැයි එම සංගමයේ සභාපති එස්‌. පී. ජයරත්න පැවසීය.තම සංගමය රජයට ඉදිරිපත් කළ අයවැයට සම්බන්ධ කරුණු 12 න් දෙකක පමණක්‌ යම් සංශෝධනයක්‌ සිදු කර තිබුණ ද සමස්‌තයක්‌ ලෙස තම ඉල්ලීම්වලට නිශ්චිත විසඳුමක්‌ තවමත් ලැබී නැති නිසා මෙසේ විරෝධතා දෙසතියක්‌ නම් කළ බවත් එම කාලය තුළ පිළිගත හැකි විසඳුම් නොලැබුණහොත් වෙනත් වෘත්තීය සමිති ද සමඟ එක්‌වී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට සිදුවන බවද ලංකා බැංකු සේවක සංගමයේ සභාපතිවරයා ඊයේ කොළඹ 10, පන්සල පාරේ, ලංකා බැංකු සේවක සංගම් මූලස්‌ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

මේ තත්ත්වය ගැන දැනුවත් කර ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට ලියුම් යවා සාකච්ඡාවක්‌ ඉල්ලා ඇති බවත් තම ඉල්ලීම්වලට තවමත් රජය පැත්තෙන් සාධනීය ප්‍රතිචාරයක්‌ ලැබී නැති බවත් ජයරත්න කීවේය.

තම සංගමය ඉල්ලා ඇත්තේ අයවැයේ ඇති බැංකු පද්ධතියට, ගනුදෙනුකරුවන්ට සහ මහජනතාවට අහිතකර යෝජනා සංශෝධනය කරන ලෙස බවද තම සටන බැංකු සේවකයන් ලෙස පුද්ගලික වරප්‍රසාද ලබා ගැනීමට නොවන බවද ලංකා බැංකු සේවක සංගමයේ සභාපති එස්‌. පී. ජයරත්න තවදුරටත් කීවේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4183946071319582436

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item