කාමරයේ දොරගුළු දමාගෙන යකැදුරු දැරිය කෙලෙසලා
පාසල් ශිෂ්‍යාවක් වන 12 හැවිරිදි දියණියට වැහුණු භූත දෝෂයක් ඉවත් කිරීමට යැයි කියා ගෙන්වාගත් යකැදුරකු විසින් එම දැරිය දූෂණය කළේ යැයි කියන පු...

https://www.sathhanda.com/2015/12/blog-post_812.html
පාසල් ශිෂ්‍යාවක් වන 12 හැවිරිදි දියණියට වැහුණු භූත දෝෂයක් ඉවත් කිරීමට යැයි කියා ගෙන්වාගත් යකැදුරකු විසින් එම දැරිය දූෂණය කළේ යැයි කියන පුවතක් මැදිරිගිරිය පොලිසියෙන් වාර්තා වේ. මෙසේ දූෂණයට ලක්ව ඇත්තේ මැදිරිගිරිය පාලම ප්‍රදේශයේ පදිංචි දැරියකි. දැරියගේ පියාගේ යහළුවකු විසින් පන්නිපිටිය ප්‍රදේශයේ යකැදුරකු හඳුන්වා දී ඇති අතර දරුවාට වැහී ඇති යකා එළවීමට දින නියම කරගෙන ඒ අනුව පසුගිය දිනෙක රාත්‍රියේ ඒ සඳහා යාගය පටන් ගෙන ඇත.
යාගය පටන් ගෙන ටික වේලාවකින් සියලු දෙනා එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස යකැදුරා පවසා ඇති අතර පසුව කාමරයේ දොරගුළු දමා වසා ඔහු දැරිය දූෂණයට ලක් කර ඇත.
යාගය සඳහා ගාස්තු ලෙස රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් යකැදුරාට ලබා දී ඇති අතර නැවත සතියකට පමණ පසු දරුවා රෝගී වීම නිසා නැවත වරක් යකැදුරා ගෙන්වා පෙර සේම යාගය පවත්වා ඇත. යාගයෙන් දින කිහිපයකට පසුව දැරිය මව සමඟ සිදුවූ සියල්ල පවසා ඇත. ඒ අනුව මවුපියන් ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දීමෙන් පසු මැදිරිගිරිය පොලිසියේ කාන්තා සහ ළමා කාර්යාංශ නිලධාරීන් යකැදුරාට දරුවා නැවත අසනීප වී ඇති බව පවසා සූක්ෂ්ම ලෙස ඔහු ගෙන්ව ගෙන අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් යකැදුරා පවසා ඇත්තේ අවස්ථා දෙකකදීම කීපවතාවක්ම දරුවා සමඟ ලිංගික ක්‍රියාවේ යෙදුණු බවයි.
මේ පිළිබඳව කිසිවකුට පවසා තිබුණොත් සිය පවුල පිටින්ම මරා දමන බවට යකැදුරා තර්ජනය කළ බව දැරිය පවසා තිබේ. එම දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මැදිරිගිරිය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
Related