එජාපයේ මන්ත්‍රීවරුත් අපිට කියනවා මේ රට නැති වෙන්න යන්නේ ගමේ යන්න බෑ මිනිස්සු බනිනවා - ගෙදර යන්න බෑ නොනා බනිනවා

"එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුත් ඇවිත් අපිට කියනවා අපේ සහයෝගය දෙන්නම් මොකද මේ රට නැති වෙන්න යන්නේ ගමේ යන්න බෑ, ගෙදර යන්න බෑ නොනා බ...

"එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුත් ඇවිත් අපිට කියනවා අපේ සහයෝගය දෙන්නම් මොකද මේ රට නැති වෙන්න යන්නේ ගමේ යන්න බෑ, ගෙදර යන්න බෑ නොනා බනිනවා යාලුවෙක් එක්ක කතා කරන්න බෑ මොකක් අනේ මේ කරන්නේ කියලා අහනවා. වෙනස ඉල්ලු අයට වෙනස දැනෙන්න ඔනේ." ඊයේ (01) දින බොරැල්ල ජන සභාව පිහිටුවීමේ උත්සවයේ දී නීතිඥ උදය ගම්මන්පිල අදහස් දක්වමින් පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

පසුගිය ජුනි මාසයේ පිවිතුරු හෙළ උරුමයේ අසන ජන සභාව පිහිටු වීම ආරම්භ කරත් මැතිවරණය නිසා අපි අතර මග නැවැත්තුවා. මැතිවරණයෙන් පස්සේ පළමු ආසන ජන සභාව අපි ආරම්භ කරන්නේ බොරුල්ලෙන්. එකට හේතුව තමයි පසුගිය මැතිවරණයේ දී සන්ධානයට ලැබුණු ඡන්ද අතරින් මට වැඩිපුරම ප්‍රතිශතයක් ලැබුණේ මේ බොරැල්ල ආසනයෙන්. අපිට මතකයි බොරැල්ල අසනයේ ඔක්කෝ දැවැන්ත කැප කිරීමක් කරලා අපි පොස්ටර් ඇලෙව්වේ නෑ, පොලිතින් සැරසිලි කළේ නෑ, දැන්වීම් වලට කෝටි ගණන් වියදම් කරන්න සල්ලි තිබුණේ නෑ. තමුන්නසේලාගේ කැපවීම නිසා අපිට වාර්තා ගනණවාක් තියන්න පුළුවන් වුණා එකට මම ස්තුතිවන්ත වෙන්න මේක වේලාවක් කර ගන්නවා. 

අද අපි දන්නවා අපි නෙවෙයි රටයි පැරදිලා තියෙන්නේ. රජපක්ෂ මැතිතුමා පැරදුනා නෙවෙයි පැරැද්දුවා. එක කළේ සන්ධානයේ නායකයා වන ජනපති සිරිසේනයි කියලා අපි බය නැතුව ප්‍රකාශ කරන්න ඔනේ. එකට අපේ නායකයොත් එකට වග කියන්න ඔනේ මෙකාද අපේ බලවත් විරෝධය මැද සමගිය බලය වේ කියලා එහෙට ගියා. දැන් සමගිය බලවේ එකට මොකද වුණේ ඒ සමගියේ බලය තිබුණේ මැතිවරණ ප්‍රතිඵලය එනකන් විතරයිත ජාතික ලැයිස්තුවේවත් සමගිය බලවේ තිබුණේ නෑ. අපි වෙනම තරග කරලා, සිරිසේන මහත්තයාගේ කකුලෙන් ඇදීම් නොතිබුනා නම් අපිය ජයග්‍රහනය කරන්න තිබුණා. මිත්‍රවරුනේ සිරිසේන මහත්මයාගේ ඇග නිල් පාටයි හිත කොළ පාටයි. එතුමට වැරැද්දක් කියන්න බැ මොකද එතුමා එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේ දී කියනවා මගේ අම්මා තාත්තා හොද යු.එන්.පී කියලා. මගේ ඇගේ දුවන්නේ යු.එන්.පී ලේ ඒ කියන්නේ කැපුවත් කොළ කියන එකයි. එතුමා අද ජනාධිපති පුටුවේ ඉන්නේ එක්සත් ජාතාක පක්ෂය නිසා. එතුමා කළ ගුණ සලකනවා අපි කලේ එක නවත්වන්න ඉතින් එතුමා අපෙන් දිගට හරහට පලිගන්නවා. ජනාවාරි 08 වෙනිදාත් එතුමා තමයි සන්ධානය පරාජය කළේ. පසුගිය මැතිවරණයත් එහෙමයි පලාත් පාලන ආයතන විසිරෙවුවා මේවා සන්දානයට ශක්තියක් වෙයි කියලා හිතලා. එහෙම වුණත් නුගේගොඩ වේදිකවේ ඉදන් මධුමාධව අරවින්ද මහත්මයා පසුගින ඡන්දය වෙනකන්ම අපිත් එක්ක හිටියා එකට ලැබුණු තැග්ග තමයි හරි නම් ප්‍රසන්න රණතුංග මැතිතුමා පාර්ලිමේන්තු ගියාමට ඊට පස්සේ ඉන්න කෙනා මධුමාදව අරවින්ද මහත්මයා ගෙදර තියලා හංසයාට කඩේ ගිය කෙනෙක් එතෙන්ට පත් කරනවා මොකද සන්ධානයට කඩේ යාම දඩුවම් ලැබිය හැකි වරදක් කියලා අනිත් අයට පෙන්වලා දෙන්න. 

එහෙම කෙනෙක් දැන් කියනවා මම මේ පාර සන්ධානය දිනවනවා පුංචි ඡන්දෙදි මාත් එක්ක එකතු වෙන්න කියලා. අපි ඡන්දේ ඉවර වෙලා දවස් 5ක් ඇතුලත මාධ්‍ය හමුවක් තියලා කියුවා සිරිසේන මහත්මයා ඉන්න තුරු පිවිතුරු හෙළ උරුමය නම් සන්ධනයෙන් ඡන්දය ඉල්ලන්නේ නෑ කියලා. එක නිසා අද කියනවා නව සන්දානය හදන ගමන් විමල්වයි, ගම්මනිපිලයි නම් ගන්නේ නෑ කියලා. අර ගන්න එන්න ඔනේද මිත්‍රවරුනේ සිරිසේන මහත්තයාට කියන්න තියෙන්නේ විමලුයි, ගම්මන්පිලයි විතරක් නෙවෙයි රටට ආදරේ කිසිම කෙනෙක් සිරිසේන මහත්තයාගේ සන්ධානයට එකතුවෙන්නේ නෑ කියලා අපි කියන්න කැමතියි. සිරිසේන මහත්මයා නව සන්ධානය හදන කොට දේශප්‍රේමින් කවුද දේශත්දෝහින් කවුද කියලා. සිරිසේන මහත්තයාගේ පුටුව යටට වෙලා ඉදන් මස්කටු ලෙව කාමින් පුරු පුරු ගාමාන් ඉන්න්න දේශත්දෝහින් ගිහිල්ලා හිට ගන්නවා සිරිසේන මහත්මයාත් එක්ක. අපි එකාබද්ධ විපක්ෂය පුංචි ඡන්දයට ඇවිල්ලා සිරිසේන මහත්මයාගේ සන්ධානය රටේ හතර වෙන් තැනට තල්ලු කරනවා කියලා අපි කියන්න කැමතියි. ජනතාව එතුමගේ ගෝලබාලයෝ ඔක්කෝම ගෙදර තියලා එතුමට තියෙන ජනප්‍රියතාවය පෙන්නුවා. මේ පාර නම් ජනතාව හොදට එක කියලා දෙයි. හැබැයි මහත්තයෝ ජනතාවගේ අයිතිය උදුර ගන්නේ නැතුව, නිලධාරි පාලනයට යටත් නොකර මේ මහජන නියෝජිතයන්ට මහජනයා නියෝජනය ඇති කරන්න අවස්ථාව ඇති කරන්න. බය නැතුව හැකි ඉක්මනින් ඡන්දය තියන්න කියලා අපි ආණ්ඩුවය කියනවා. ආණ්ඩුව අද ඉන්නේ ඡන්ද භීතිකාවක ගියොත් කුඩේ කුඩු.

අපි නම් ආඩම්බරයෙන් කියනවා අපි නම් ඡන්දය දුන්නේ බුලත් කොළේට කියලා. දැන් අපිට මතක් වෙනවා ඉස්සර කියන කතාවක් බෙහෙත් හදද්දි කලුනික නම් හොයා ගන්න බෑ කියලා දැන් කතුනික හොයා ගත්තත් යහපාලනයට ඡන්දය දුන් කෙනෙක් නම් හොයා ගන්න බෑ. බනින විදිහට අපිට හිතෙන්නේ යහපාලනය දිනනේ නෑ කියලා. රට වෙනුවට බඩ ගැන හිතලා ඡන්ද දුන්නා අද රටත් නෑ බඩත් නෑ. රුපියල් 70 තේ කිලෝවට මදි කියලා 90ට දෙන්න හංසයාට ඡන්ද දුන්නා දැන් කියද? 45යි. වී එහෙමයි කිලෝවට 30ක් දෙද්දි එක මදි කියලා 50ක් ගන්න ගියා දැන් කියද? 25 - 28 යි. රබර් 350ට ගන්න කතිරේ ගහලා දැන් 180යි. පෝෂණ මල්ල, ගර්භණිය මවුමරුන්ගේ විසිදාහේ දිමනාව නෑ. පඩිය වැඩි වෙලා නෑ. කාර් ගන්න තියා මොටර් සයිකලයක්වත් ගන්න බෑ. පිං පඩියවත් වෙලාවට දෙන්න බැරි ආණ්ඩුව කොහොමද අලුත් දෙයක් කරන්නේ මිත්‍රවරුනේ. හෙල වෙන දත වගේ වැනි වැනි හිටිය මේ ආණ්ඩුවට අය වැය නිසා සියදිවිහානි කර ගැනිමක් සිදු වෙලා තියෙන්නේ. අපි නෙවෙයි මාරන්තික පාර ආණ්ඩුවට එල්ල කරේ රවි කරුණානායක මහත්තයා තමයි අය වැය ඉදිරිපත් කරලා. 

මේ රටේ බහුතරයක් ඉන්නේ ගොවි ජනතාව. ඉඩම් වැඩිපුරම යොදා ගෙන තියෙන්නේ වගා කරන්න. ජනවාරි 08 වෙනිදා හංසයා දිනපු නිසා හිතන්න එපා බහුතරයක් කන්නේ තණ කොළ කියලා. හංසයා දින්නත් බහුතරයක් කන්නේ තාම බත්. ඡන්ද ප්‍රථිපලය දැකලා මේ අය හිතුවා දැන් බත් කන අය නෑ. අපි කොහොමද ඇමතිවරු වෙන්නේ. රවි කරුණානායක මහත්මයා හිතුවා බත් කන අය ඉන්නවා නම් මම කොහොද මුදල් ඇමති වෙන්නේ මම අය වැය ඉදිරිපත් කරන්නේ එකයි එක නිසා පොහොර සහනාධාරය නැතුවට කමක් නෑ කියලා හිතනවා. මේක සමස්ත ජාතියේම ප්‍රශ්නයක්. වකුගඩු රෝගය වැඩි නිසා අපි කියුවේ රසයනික පොහොර භාවිතය අඩු කරන්න මිසක් පොහොර සහනාධාරය කපන්න කියලා නෙවෙයි. රසායනික පොහොර භාවිතය අඩු කරලා කාබනික පොහොර වලට සහනයක් දෙන්නයි අපි කියුවේ. රසායනික පොහොර නැත්තටම නැතිකරා. මේ කාබනික පොහොර සටනේ හිටියේ අපේ ගෞරව රතන ස්වාමින් වහන්සේ එතුමා ආණ්ඩුවෙන් ප්‍රශ්නකරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා කෝ කාබනික පොහොර සදහා සහනයක් කියලා. ජාතියම බඩගින්නේ ඉන්න වෙන්නේ පොහොර නැතුව වගා කරන්න වුණොත් කියලා අපි ආණ්ඩුවට කියනවා. ආණ්ඩුව වකුගඩු රෝගයට දෙන්න අපුරු උත්තරයක් හොයා ගෙන රුපියල් බිලියන 03ක් වියදම් කරලා රෝහල් 03ක් හදන්න. උබලා ලෙඩ වුණාම ගෙල්ලා දන්න ඉස්පිරිතාලේට නැතුව වකුගඩු රෝගයට උත්තරයක් මේ ආණ්ඩුවේ නෑ. 

තව පුදුම දෙයක් තියෙනවා මේ අය වැයේ මොකක් දන්නවාද මේ ආණ්ඩුව පරිසරය රකින්න හයිරිජන් වාහන සහ හිලියම් වාහන සදහා දෙනවා 100% තිරු බද්දෙන් නිදහස් කරනවා මුදල් ඇමතිතුමා දන්නේ නෑ හයිරිජන් කාර් එක ලෝකෙට එන්නෙත් 2016 දී කියලා. හිලියන් කාර් එක තාම පාර්යේෂණ මට්ටමේ තියෙන්නේ. මේ කාර් එක ගැන දන්නේත් නැතුව රටට ගෙන්න 100% තිරු බද්දෙන් නිදහස් කරනවා. මහ පොළොවේ තියෙනවා Hybrid කාර් එක. Electric කාර් එක තිබ්බ බද්දත් දෙතුන් ගුණයකින් වැඩි කරනවා. ලෝකයේ මොකද වෙන්නේ කියලා එතුමා දන්නේ නෑ කියලා පෙන්වලා දිලා තියෙනවා. අය වැය ඉදිරිපත් කරන කොට මුදල් ඇමතිතුමාට අ ආ යනුත් බෑ කියලා රටම දැක්කා. අය වැයේ ඇති ප්‍රබෝදය අගමැතිතුමා ඇතුළු ඇමතිවරු නිදා ගෙන රටම පෙන්නුවා. අද ඇමතිවරු අය වැය ශොක් කියලා ගමට ගිහින් කියන්නේ නැති නිසා මේ අයට අය වැය රැක ගන්න රුපවාහිනියේ දැන්වීම් දන්න සිද්ද වෙලා තියෙනවා ඉතිහාසයේ ප්‍රථමවාතාවට. ආණ්ඩුවේ මන්ත්‍රීවරු අපිව හම්බවුණාම කියනවා මේ කෙහෙල්මල් අය වැය නිසා ඔලුව තියගෙන ගමේ යන්න බෑ මේ පාර නිවාඩුවට පිටරට තමයි යන්න වෙන්නෙ කියලා. අද මේ අය වැයට සිදු වෙලා තියෙන දේ දැක්කාම සමහරු කියනවා ඔය මුදල් ඇමතිකම දෙන්නකෝ ළමයකුට කියලා. තවත් කියනවා සිරිසේන ඔය ජනාධිපතිකම දෙන්නකෝ ළමයකුට කියලා. සිරිසේන මහත්තයාට එක ඇහිල හිතනවා තමන්ගේ පුතාට දෙන්න කියුවා කියලා හිතලා දහම් සිරිසේන එක්කගෙන යනවා නිව්යොක් එක්සත් ජාතින්ගේ සම්මේලනයට එක දැක්කම ජනතාව අපහු බනිනවා. ජනාධිපතිතුමා බලනවා ළමයකුය ජනාධිපතිකම දෙන්න කියනවා දෙන්න හදුවම එකටත් බනිනවා මේ මාර කෙළියක්නේ. අගමැතිතුමාටත් කියුවා අගමැතිකම දෙන්න කියලා ළමයෙකුට කියලා. වවුචර ක්‍රමය නිසා අධ්‍යාගන ඇමතිතුමාටත් කියුවා ඇමතිකම දෙන්න ළමයකුට කියලා. තවත් තැනක හරින් ඇමතිතුමාට කියනවා ඔය Digital ඇමතිකම දෙන්න ළමයකුය කියලා. එතකොට ළමයි කියන්නේ ඔයාලගේ මලදාන ඔක්කෝම අපිට එපා අපිට පාඩම් කරන්න, සෙල්ලම් කරන්න තියෙනවා කියලා. එක නිසා ළමයින්ට ඔක්කෝම දෙන්න එපා වැඩ බැරි ටාසන්ලවා ගෙදර යවලා රට කරවන්න පුළුවන් අයට රට බාර දෙන යුගය වැඩි ඇතක නෙවෙයි කියලා අපි මතක් කරනවා. 

අපි දැන් වුණත් කැමති බාර ගන්න හැබැයි අපි එහෙම කරන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුත් ඇවිත් අපිට කියනවා අපේ සහයෝගය දෙන්නම් මොකද මේ රට නැති වෙන්න යන්නේ ගමේ යන්න බෑ, ගෙදර යන්න බෑ නොනා බනිනවා යාලුවෙක් එක්ක කතා කරන්න බෑ මොකක් අනේ මේ කරන්නේ කියලා අහනවා. වෙනස ඉල්ලු අයට වෙනස දැනෙන්න ඔනේ. මේදා පාර වැඩිහිටි පිරිස ඡන්දය දුන්නේ බුලත් කොළේට තමයි. තරුණ පරපුර ජවිපේ භීෂණය දන්නේ නෑ. බටලන්ද ගැන දන්නේ නෑ. මම මාගේ පුතාලා දෙන්නට වයස 11 සහ 08 වෙනවා දවසක් මම කියුවා තාත්තා පොඩි කලේ ඉස්කොලේ යන කොට තාත්තගේ යාලුවො ටයර් උඩ පුච්චලා දලා ඉන්නවා දැක්කා මුණෙන් අදුර ගන්න බෑ. ඇදුමේ ඉතුරුවේව කොටසකින් නැත්නම් අතේ තිබුණු මුද්දකින් ඔරලෝසුවකින් තමයි අදුර ගත්තේ කියලා. ජවිපෙන් බෙල්ල කපලා රිටිවල ගහලා තිබුණා දේශත්ද්‍රෝහින්ට දඩුවම මරණයයි කියලා. මම එහෙම කියනකොට පුතාලා දෙන්නා හිනා වෙනවා තාත්තා සුරංගනා කතා කියනවා කියලා. අපි මේ මහ පොළොවේ අතිවිද්ද ජවිපේ, එජාපේ භීෂණය තරුණ පරපුර දන්නේ නෑ. ආණ්ඩුව නම් කියුවේ මේ වෙනසකට මුල පිරුවා විතරයි කියලා. සරසුවි සිසුන්ට බැටන් පොල්ලෙන් විතරයි ගැහුවේ බටලන්ද පටන් ගත්තේ නෑ. මේ වෙනස තරම අවුරුද්දක් විතර ඉල්ලු අයට බලන්න දෙන්න ඔනේ නැත්තම් මොකද වෙන්නේ 2020 දී සුකුමාල ටොයි නංගිලා ඇවිල්ලා රට ආපහු අවුරුදු 05කට ගන්නවා. එක නිසා අවුරුදක් විතර ගියාම යුඑන්පී ආණ්ඩුවක් ගෙමු කියුවම ජනතාව පොලු අතට ගන්න තත්වෙට පත් වෙනවා. මේ අය වැයේ ආණ්ඩුව බයේ ඉන්නේ පෙරලි කියලා බය වෙන්න එපා දැන්ම පෙරලන්නේ නෑ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවන වත්මන් ජනපති සිරිසේන මහත්තයා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු අමතලා කියනවා අය වැයට ඡන්දය දෙන්න කියලා මම ඔයාලට කාර් සංවර්ධනයට මුදල් වගේ ගොඩක් දේවල් දෙන්නම් කියලා. එක ඉවර වෙල ඇවිත් වෙල්ගම ඇමතිතුමා කියුවේ අවේත් 95යි එකෙන් අපිත් එක්ක 50ක් ඉන්නවා කියලා සිංහ නාද කරනවා අපි දැක්කා. තමුන්නාසේලාගේ කතිරයේ ගෞරවය රක්න මන්ත්‍රීවරු බහුතරයක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉන්නවා කියලා එතුමාට ගෞරවයක් ලෙස මම කියන්න කැමතිය. ඒ මන්ත්‍රීවරු නිල නිවස, ඇමතිතනතුරු වලට යන්නෙත් නෑ, FCD,CID,SIU පෙන්නුවට බය වෙන්නේ නෑ මිත්‍රවරුනේ. තවත් තර්ජන ඝර්ජන මැද ඔබතුමන්ලගේ මානපයේ ගෞරවය රකින 50ක් අපික් එක්ක ඉන්නවා කියලා එකුමන්ට ගෞරවයක් ලෙස සිහිපත් කරන්න ඔනේ. 

මේ වෙනස අපි මාස දහක් අත් වින්දා අපසු මේ වෙනස හරවන් අපිට අවුරුදු දහයකට ඩවා යනවා සිකුරුයි. එතරම් භයානකයි මේ වෙනස. ත්‍රස්තවාදය වැලැක්විමේ පනත 1979 දී ගෙනාවේ ත්‍රස්තවාදීයට දඩුවම් කරන්න නමුත් අද නම වෙසනස් කරලා රණවිරුවන්ට දඩුවම් දෙන පනත කියලා. ත්‍රස්තවාදීයට දඩුවම් දෙන පනත යටතේ අපේ හිටියා 257 දෙනෙක් අත්අඩංගුවේ. 12400 බාර වුණා. මේ අය පුනරුත්තාපනය කරලා, ඉංග්‍රිසි උගන්වලා, වෘර්තිය පුහුණුව දිලා තැගි බෝග දිලා පවුලේ අයට භාර දුන්නා. තියා ගත්තේ 257 විතරයි. මේ අයට මහා භායානක දේ කරපු බවට සාක්ෂි තිබුණු නිසා. දැන් කියනවා මහින්ද මහත්තයාගේ කාලෙත් නිදහස් කලා කියලා ඒ නිදහස් කලේ සාක්ෂි නැති අය. ඉතුරු 257න් තමයි මේ ටික ටික එළියට දාමින් ඉන්නේ. බුද්ධි අංශවල රණවිරුවන් මාස දෙක තුන කැලේ සැගවෙලා ඉදලා දුක් විදලා තමයි මේ කොටි අල්ල ගත්තේ. ඒ කොටියා එළියටදාන ගමන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බුද්ධි අංශයේ රණවිරුවන් අත්අඩංගුවට ගන්නවා. සුද්දා ඇවිත් අපේ රටට කිසිදු රටක නැති අයුරෙන් යනවා ත්‍රිකුණාමලේ නාවික හාමුදා කදවුරට එකේ බලන්න ඔනේ කියන සියලු තැන් පෙන්නනවා. සැකයි කියපු කෙනා කුඩුවට දානවා. සුද්දට ඔන විදිහට රණවිරුවන් දැනටමත් අත්අඩංගුවට අරන් ඉවරයි. ඉංග්‍රිසි ආණ්ඩුව වගේ තත්වයක් ඇතිවෙලා තියෙනවා. පොලිසිය හොරු ඇල්ලිම බය වෙලා ඉන්නේ මොකද ඊළග ආණ්ඩු අවම හොරු එළියට දාලා අපිව ඇතුලට දාවි කියල සැකෙන් ඉන්නේ එක නිසා හොරු ඇල්ලිම අවසන් වේගෙන යනවා කියන භායානක දේ අපි රටට කියන්න කැමති. 

ජනාධිපතිවරණය කලේ විශ්‍රමික ද්‍රෙශප්ප්‍රේමින් මාධ්‍ය හමුවක් තියලා කියුවා අපි හංසයාට එකතු වෙලා ඉන්නේ අපි ඉන්නතුරු සිංහලයාට හානියක් වෙන්න මම ඉඩ තියන්නේ නෑ කියලා. රණවිරුවන්ට විතරක් නෙවෙයි ගෝඨභය රාජපක්ෂ මහත්මයාටවත් අත තියන්න දෙන්නේ නෑ කියලා. කොටියො එළියට දානවා රණවිරුවන් අතුලට ගන්නවා කෝ මේ විශ්‍රමික ද්‍රෙශප්ප්‍රේමින් කියලා අපි අද ප්‍රශ්න කරන්න කැමතියි. ඩොලර් වලට ඇමතිකුට්ටි වලට මේ රට පවා දෙන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. එදා පත්තරවල දැන්විම් දාලා කියුවේ රනිල් චන්ද්‍රකාට බිය නොවන්න ඒ අය ගැන අපි බලා ගන්නම් කියලා දුන් පොරොන්දු ඉටු කරන්න කියලා අපි දැන් සිහිපත් කරනවා. 

මේ අය වැයේ තියෙන අති භියනක දෙයක් කියන්න තියෙනවා අපේ කාලේ යුද්දය ඉවර වුණා විතරයි විදේශිකයන් අපේ රටේ ඉඩම් මිලදී ගන්න හැදුවා මේක ඉතා භියනක තත්වයක් ඒ අයගේ ආදයම අපේ වගේ තිස් හතලිස් ගුණයක් වැඩියි. ඒ අය නෙවටිනා ගණන් වලට ඉඩම් ගද්දි අපේ අයට ඉඩම් මිලදී ගන්න බැරිවෙන්න ඉඩම් මිල ඉහල යන නිසා අපේ ආණ්ඩුව ඉඩම් බද්දක් දැම්මා විදේශිකයෙක් ගන්නවානම් 100% බද්දක් දැම්මා. අද ඒ විදේශිකයන්ට පනවලා තිබ්බ බද්ද සම්පුර්ණයෙන්ම ඉවත් කරන්න යෝජනා කරලා තියෙනවා. එක පැත්තකින් ඉඩම් ගන්න බැරිවෙනවා වගේම ජාතික ආරක්ෂාවට තර්ජනයක්. ඉස්ත්‍රයලයට මොකද වුනේ කියලා මම කියන්න ඔනේ යුදෙව් ජාතිකයෝ ලෝකය පුරාම පැතිරිලා හිටියා. ලෝකයේ ප්‍රබල රටවල් කිහිපයක් දෙනව ජාතිය වෙලා හිටියා. හැබැයි තමන්ට කියලා රටක තිබුණේ නෑ. මිට අවුරුදු 150කට කලින් යුදෙව්වන් හිතනවා අපි කියලා රටක් හදන්න ඔනේ කියලා. එකට අවශ්‍ය මුදල් දෙන්න කෝකා කෝලා, ඇමරිකන් එක්ස්ප්‍රස් වැනි කෝටි ව්‍යාපාර්කයන් කැමති වෙනවා. මේ අය තොරා ගන්නේ පලස්තීනය තමන්ගේ රට හදන්න තොරා ගන්නවා. පලස්තීනයට එනවා ඉඩම් වැඩි මුදලට මිලදී ගන්නවා. පලස්තීන ජාතිකයන් හිනවා මේක මාරු වැඩක් ඉඩමක් විකුණ ගන්නවා රස්සාවක් කරන්නේ නැතුව කකා බිබි ඉන්නවා. බොහෝම සතුටින් තමයි හිටියේ. ටික කාලයක් යන කොට ගොලාන කදු කරය පැත්තේ වැඩිපුර ඉන්නේ යුදෙව්වන් බවට පත් වුණා. මේ අය ස්වයං පාලනය ඉල්ලුවා එංගලන්තයේ විදේශ ඇමතිවන බැල්ෆ කියන කෙනා මැදිහත් වෙලා බැල්ෆ කියන ගිවිසුමෙන් අපේ රටේ පලාත් පාලනය වගේ දෙයක් යුදෙව්වන්ට දුන්නා. වැඩේ ඉවරයි කියලා හිතුවේ නමුත් වුනේ මොකක්ද පිටින් ආව යුදෙව්වන් පලස්තිනකාරයන්ව ගහන්න පටන් ගත්තා වෙනම රටක් ඔනේ කියලා. මේ ප්‍රශ්නේ විසදන්න බාර ගත්ත එංගලන්තය 1945 දී එක්සත් ජාතින්ගේ සංවිදානයට කියනවා මේකට විසදුම යුදෙව්වන්ට වෙනම රටක් හදලා දෙන එක කියලා. 1948 දී පලස්තිනය මැද ඉස්ත්‍රයලය නමින් පුංචි තිතක් ලෝක සිතියමට එකතු වෙනවා. අවුරුදු 08ක් වගේ මේ විදිහට යන්න පුළුවන් වුනේ යුදෙව්වන් පලස්තිනයට පැනලා එක්කෙනෙක්ව ගහක ගැටගහලා, ළමයිනට ගහනවා , ගැහැණු අයව දුෂණය කරමින් මරා දානවා. පිරිමින් කැලි කැලි වලට කපනවා. ගහක බැදලා හිටිය කෙනා ලිහලා යවනවා. ඔහු තමන් දැක්ක බියකරු චිත්‍රය අන් අයට කියනවා. ඊට පස්සේ ඉස්ත්‍රයල් කට්ටිය කළේ අපි එනවා කියන තුණ්‍ඩු කැල්ල පමණක් එවන එක එතකොට පලස්තිනයන් කරන්නේ ගම අතහැරලා ඇතකය යනවා. එන්න එන්නම පුංචි තිත ලොකු වෙන් ගත්තා. පලස්තිනයේ ලොකු රට එන්න එන්නම හැකි ලෙන්න ගත්තා. 1956 ගත වුණේ අවුරුදු 08යි. පලස්තිනය කියන රට ලෝක සිතියමෙන් නැතිවෙලා ඉස්ත්‍රයලය කියන රටට පැතිරුණා. වසනාවය පලස්තිනය තිබ්බේ මුස්ලිම් රටවල් වලින් වටවේලා තිබ්බ මුස්ලිම් රටක් මේ අය වටේ තිබ්බ රටවල් වලට පැන ගත්තා. අපේ රටට මේ ඉරනම අත්වුනොත් තව සිංහල රටක් නෑ. අපේ රට වටේටම තියෙන්නේ මහ මුහුද විතරයි. එක නිසා අපිට සිද්ධ වෙන්නේ ඉන්දිය සාගරයට පනින්න විතරයි. 

අයවැයේ තවත් එක් යොජනාවක් තමයි ආණ්ඩුවට විදේශ විනිමය නැති නිසා කවුරු හරි ඩොලර් මිලියන පහක් අරන් ආවොත් එයාට ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය දෙන්න. ඩොලර් මිලියන පහයි ලංකාවේ පුරවැසි භාවය වටින්නේ. මතක තියා ගන්න පිජි රට ඉන්දියානුවන් ඔහොම ගෙන්වා ගත්තා. කාලයත් සමග ඉන්දියානුවන් ඒ රටේ ජවතාවට වඩා වැඩි වුණා. ප්‍රජාත්‍රන්තවාදය නිසා හැමොටම ඡන්ද අයිතිය තියෙනවා එක නිසා පාර්ලිමේන්තුවට යන්නේ පිජි රටේ වැසියන් නෙවෙයි පිටින් ආව ඉන්දියන් ජාතිකයන්. අද අවුරුදු 100ක් ඇතුලත පිජි රට පැලනය කරන්නේ ඉන්දියානුවෙක්. සුවදේශිකයන් කැරුල්ලක් ගහලා හිරේ යන එක විතරයි කරන්නේ. එක පැත්තකින් පලස්තිනය කරා වගේ ඉඩම් දෙන්න හදනාවා අනෙක් පැත්තෙන් පිජි රට කලා වගේ පුරවැසි භාවය දෙන්න හදනවා. අපිට එහෙනම් ඩබල් එකෙන් වදින්න යන්නේ. දෙකම එකතු කරලා අපේ රටේ ඉරනම තින්දු කරන්න යන්නේ. මේක ද්‍රේශත්ද්‍රෝහි ආණ්ඩුවක්, බටහිර බලවතුන්ගේ අල්ලේ නැටවෙන ආණ්ඩුවක්. කොටියට වුවමණා විදිහට නැටවෙන ආණ්ඩුවක් මේ ආණ්ඩුව ගෙදර යැවිම රටට ආදරේ සැම පුරවැසියෙකුගේම යුතුකමක්. රට රැක්ක නායකයා, සාසනය බබලවපු යුගය අපිට මතක් වෙන්නේ දුටු ගැමුණු යුගය. ආර්ථික, සමෘර්ධිය මතක් කරද්දි අපි පැරකුම් යුගය මතක් වෙන්නේ. ඒ දෙක එකට එකතු වුණු යුගය තමයි මහින්ද රාජපක්ෂ යුගය කියන්නේ. ඒ යුගය නැවත රැගෙන එන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා මම ඔබ සැමගෙන් ඉල්ලනවා. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7664059738885115712

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item