මීටියාගොඩ දී යතුරු පැදිකරුවෙකුට වෙඩි තබයි

මීටියාගොඩ පොලිස් වසමේ යතුරු පැදියකින් ගමන් කරමින් උන් අයෙකුට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය විසින් පවසන ලදී. මේ වෙඩි තැබීම සිදුව ඇත්ත...

මීටියාගොඩ පොලිස් වසමේ යතුරු පැදියකින් ගමන් කරමින් උන් අයෙකුට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය විසින් පවසන ලදී. මේ වෙඩි තැබීම සිදුව ඇත්තේ ඊයේ  (15) ප.ව. 1.30ට පමණ බව පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.

බරපතල තුවාල ලද යතුරු පැදිකරු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ තුවාල ලබා ඇත්තේ හික්කඩුවේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන් වේ.

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී නොමැති අතර මීටියාගොඩ පොලිසිය විසින් මේ පිලිබඳ වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2674315497237404790

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item