කි‍්‍රකට් අපේක්ෂකයන් අතර ගුටි බැට හුවමාරුවක්

කි‍්‍රකට් නිලවරණයේ විරෝධතා පිළිබඳ විභාගයකට පැමිණි, තිලංග සුමතිපාල සහ නිශාන්ත රණතුංග  පාර්ශ්වයේ නිලධාරීන් අතර අද (18) උණුසුම්කාරී තත්වයක් ...

කි‍්‍රකට් නිලවරණයේ විරෝධතා පිළිබඳ විභාගයකට පැමිණි, තිලංග සුමතිපාල සහ නිශාන්ත රණතුංග  පාර්ශ්වයේ නිලධාරීන් අතර අද (18) උණුසුම්කාරී තත්වයක් ඇති වුණා. එ් කී‍්‍රඩා අමාත්‍යංශයේදියි. සභාපති ධුර අපේක්ෂක නිශාන්ත රණතුංග  තමන්ට බැන තර්ජනය කළ බවට තිලංග සුමතිපාලගේ පාර්ශ්වයෙන් උප භාණ්ඩාගාරික ධුරයට තරග වදින අරුණ ද සිල්වා කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙනවා. එ් පිළිබඳ විමර්ශනයක්ද කි‍්‍රයාත්මක බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිළි කළ අරුණ ද සිල්වාගෙන්ද විමසීමක් කළා. ඔහු පැවසුවේ සිය ආරක්ෂාව උදෙසා තමන් කුරුඳුවත්ත පොලීසියට පැමිණිලි කළ බවයි. මෙම චෝදනාව සම්බන්ධයෙන් සභාපති ධුර අපේක්ෂක නිශාන්ත රණතුංගකියා සිටියේ මෙම චෝදනා සියල්ල තමන් ප‍්‍රතික්‍ෂේප කරන බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8946666996435491797

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item