වෙබ් ත්‍රස්තවාදියාගේ සුලමුල හෙළි වෙයි - මවුබිම ලිපිය

මිනිසුන් ඝාතනය කරමින්, අතුරුදන් කරමින්, කප්පම් ගනිමින්, ඔවුන්ට වධ වේදනා දෙමින් වසර 30ක් පුරා මේ රටේ පැවැති කොටි ත්‍රස්තවාදය නිමා කිරීමෙ...


මිනිසුන් ඝාතනය කරමින්, අතුරුදන් කරමින්, කප්පම් ගනිමින්, ඔවුන්ට වධ වේදනා දෙමින් වසර 30ක් පුරා මේ රටේ පැවැති කොටි ත්‍රස්තවාදය නිමා කිරීමෙන් පසු ඒ වෙනුවට අලුතින් කප්පම් ත්‍රස්තවාදයක් රට ඇතුළේ බිහිව ඇති බවට සාධක සාක්ෂි සහිතව පසුගිය සතියේත් ඊට පෙරත් අවස්ථා කිහිපයකදීම අපි රටට අනාවරණය කළෙමු. එහිදී අප මෙම කප්පම් ත්‍රස්තවාදය හැඳින්වූයේ 'වෙබ් කප්පම්' ත්‍රස්තවාදය ලෙසය.

එසේත් නැතිනම්, 'වෙබ්' මාෆියා' ත්‍රස්තවාදය ලෙසය. පසුගිය කාලවකවානුව පුරා කොටි ත්‍රස්තවාදීන් උණ්ඩය පෙන්වා පිස්තෝලය මිනිසුන්ගේ ඔළුවට තබා බිය කර රට පුරාම කප්පම් ත්‍රස්තවාදයක් ගෙන ගියා සේ මෙම වෙබ් කප්පම් ත්‍රස්තවාදීන් සිය මඩ වෙබ් අඩවි හරහා ප්‍රහාර එල්ල කොට පුවත් පළ කරන බවට බිය වද්දා දේශපාලනඥයන්ගෙන්, ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන්, කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන්් කප්පම් ගන්නා ආකාරය අපි එහිදී රටට අනාවරණය කර සිටියෙමු.

ලොව ප්‍රකට සන්නිවේදන ජාලයක ප්‍රධානියකුගෙන් කප්පම් ඉල්ලූ ආකාරයත්, වාහන සේල් හිමිකරුවකුගෙන් කප්පම් ඉල්ලූ ආකාරයත්, අලුතෙන් නැඟී ආ දේපළ සමාගම් ව්‍යාපාරිකයකුගෙන් කප්පම් ඉල්ලූ ආකාරයත් රටට අනාවරණය කළ අපි මෙම කප්පම් ත්‍රස්තවාදීන් කොළඹ හා ලන්ඩනය ප්‍රධාන කරගෙන ක්‍රියාකාරී වන බවත්, ඔවුන් පිළිබඳ තොරතුරු ලබාගෙන රටට හෙළිදරව් කරන බවත් එහිදී සඳහන් කර සිටියෙමු. ඒ අනුව පසුගිය දින කිහිපය පුරාම මේ වෙබ් කප්පම් ත්‍රස්තවාදීන් පිළිබඳව අප වෙත තොරතුරු ගලාගෙන පැමිණි අතර ඒ හරහා ලන්ඩනයේ සිට මෙම වෙබ් කප්පම් ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන තැනැත්තා පිළිබඳවත්, කොළඹ සිට එම කප්පම් මෙහෙයවීමේ කටයුතු සම්බන්ධීකරණය කරන මෙහෙයුම් කාර්යාලය පිළිබඳවත් තොරතුරු අනාවරණය විය.

එම තොරතුරුවලට අනුව ලන්ඩනයේ සිට මෙම වෙබ් කප්පම් ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන්නේ ලංකාවේ සිටි කාලය ඇතුළත බරපතළ චෝදනාවලට හසුව ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්න ඔන්න මෙන්න කියා තිබියදී ලංකාවෙන් පැන ගොස්, ලන්ඩනයේ සැඟව ජීවත්වන චන්දිම විතානාරච්චි නමැති පුද්ගලයෙකි. හෙතෙම ලංකාවේ සිටියදී නීතිඥවරයකු වශයෙන් කටයුතු කර ඇති බවටද තොරතුරු වාර්තා වී තිබේ.

මූල්‍ය වංචා, මිනිස් ජාවාරම්, කොටි සංවිධානය සමඟ රහස් සබඳතා පැවැත්වීම්, ප්‍රබල කොටි සාමාජිකයන් ප්‍රංශය, බි්‍රතාන්‍ය ඇතුළු යුරෝපා රටවලට හොර රහසේම පිටත්කර හැරීම්, ව්‍යාජ ලිපි ලේඛන ලබාදීම ආදිය මෙම තැනැත්තාට එරෙහිව ඉදිරිපත් වී ඇති බරපතළ චෝදනා අතර ඇති බව දැනගන්නට තිබේ.
මේ නිසාම ලංකාවේ ආරක්ෂක අංශ මොහුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී හෙතෙම ශ්‍රී ලංකාවෙන් පලාගොස් ලන්ඩනයේ රහසිගත ජීවිතයක් ගත කරන බවට තොරතුරු වාර්තා වීමත් සමඟ 'ජාත්‍යන්තර පොලිසිය' හෙවත් 'ඉන්ටර්පෝල්' වෙත මොහු පිළිබඳ සියලු තොරතුරු ලබාදී මොහුව ලංකාවට ලබා දෙන ලෙස දැනුම් දීමට මෙරට ආරක්ෂක අංශ කටයුතු කර ඇත. ඒ අනුව ජාත්‍යන්තර පොලිසිය සිය 'ඹඹඹ.ඪදබඥපනධත.ඪදබ' නමැති වෙබ් අඩවියේ මෙම තැනැත්තාගේ ඡායාරූපයක් සහිතවම 'එචදබඥඤ ර්ථීඥධනතඥ' (අවශ්‍ය පුද්ගලයා) ලැයිස්තුවේ මෙම පුද්ගලයාගේ තොරතුරු ඇතුළත් කර ඇති අතර ඕනෑම පුද්ගලයකුට එම වෙබ් අඩවියට පිවිසිය හොත් මෙම පුද්ගලයාගේ සියලු තොරතුරු දැකබලා ගත හැකිය.

කෙසේ වෙතත් ලන්ඩනයට ගොස් එම තැනැත්තා මුලින්ම කළේ වෙබ් අඩවියක් පටන් ගැනීමය. එම වෙබ් අඩවිය පටන් ගත් මෙම පුද්ගලයා තමන්ට සුපුරුදු කප්පම් ගැනීමේ රස්සාව යළිත් ආරම්භ කළේ මෙම වෙබ් අඩවිය හරහාය. ඒ අනුව රටේ කීර්තිමත් දේශපාලකයන්ට, ප්‍රභූවරුන්ට, කෝටිපති ව්‍යාපාරිකයන්ට දිගට හරහට මඩ වෙබ් අඩවි ප්‍රහාර එල්ල කෙරුණු අතර එම ප්‍රහාර නැවැත්වීමට නම් මිලියන ගණනින් මුදල් අවශ්‍ය බවට ඔවුන්ට දැනුම් දීමක් කෙරිණි. ඒ වෙනුවෙන්ම ලන්ඩනයේ සිට ක්‍රියාත්මක 'ටී.එස්.බී' බැංකුවේ 'සී.ඒ. විතානාරච්චි' නමින් ගිණුමක් ආරම්භ කිරීමටද මෙම පුද්ගලයා කටයුතු කළේය. එහි ගිණුම් අංකය වූයේ 66705368ය. එහි ඉඩධපබ ඛ්ධචඤ එක වූයේ 77-71-13ය. මේ ආකාරයට ටී.එස්.බී. බැංකුවේ ගිණුමක් විවෘත කළ මෙම ත්‍රස්තවාදියා කප්පම් මුදල් බැර කරන ලෙස සියලුම පුද්ගලයන්ට ලබාදුන්නේ මෙම ගිණුම් අංකයය. ත්‍රස්තවාදී කලබල පැවැති සමයේ මෙම කප්පම් ගැනීමේ ව්‍යාපාරය ජයටම සිදුකෙරුණු අතර සිංහල හා දෙමළ කොටින්ගෙන් මෙන්ම විවිධ පුද්ගලයන්ගෙන්ද මෙම ලන්ඩන් ගිණුමට කෝටි ගණන් වැටී තිබිණි. නමුත් කොටි ත්‍රස්තවාදයට තිත වැටුණාට පසු කප්පම් මුදල් ලැබීම හිඟ වූ නිසා මෙම පුද්ගලයා කළේ පෙර කී ආකාරයට ව්‍යාපාරිකයන් බිය වද්දා කප්පම් ගැනීමට කටයුතු කිරීමය.

එම ව්‍යාපාරිකයන්ට එරෙහිව ජනාධිපති කොමිසමට, ජ්ඛ්ධ්ච් එකට තොරතුරු ලබා දෙනවා කියා ඔවුන්ගෙන් කප්පම් ගැනීමය.

ලන්ඩනයේ සැඟව සිටින ගමන් මෙම කප්පම් ගැනීම සාර්ථකව කරගෙන යෑම සඳහා ලංකාවේ කාර්යාලයක් ආරම්භ කිරීමටද පසුගිය කාලයේ මෙම වෙබ් ත්‍රස්තවාදියා කටයුතු කළේය. පසුගිය සතියේ අප ඉදිරිපත් කළ ලිපිය මඟින් මෙම නීතිඥ කාර්යාලය පිළිබඳ තොරතුරු පළමුවරට හෙළි කළ අතර ඉන් මෙම වෙබ් ත්‍රස්තවාදියාත් ඔහුගේ කණ්ඩායමත් දැඩි කලබලයට පත්ව ඇති බව අපට වාර්තා විය. මේ සතියේදී අපි එම නීතිඥ කාර්යාලයේ සම්පූර්ණ තොරතුරු ඡායාරූප සහිතව පළ කිරීමට තීන්දු කළේ සාක්ෂි සහිතව අපගේ කතාව ඔප්පු කිරීමට අපගේ ඇති සූදානම නිසාය. ඒ අනුව 'ධ්චද } ඛ්ධතඪද' (ධ්}ඒ) නමින් පවත්වාගෙන යන මෙම නීතිඥ කාර්යාලය විජේරාම මාවතේ පවත්වාගෙන යනු ලබන අතර එහි සියලු කටයුතු සම්බන්ධීකරණය කරන්නේ ලන්ඩනයේ පදිංචි මෙම වෙබ් ත්‍රස්තවාදියාගේ මස්සිනා කෙනෙකි. (ඔහුගේ ඡායාරූපයක්ද මෙම ලිපියේ පළවේ)

ලන්ඩනයේ සිට සිදු කරන වෙබ් කප්පම් මාෆියාව සඳහා අවශ්‍ය නීති උපදෙස් මෙන්ම ඇතැම් ව්‍යාපාරිකයන්ගෙන් බලහත්කාරයෙන් ලබාගන්නා ලිපි ගොනු පරීක්ෂා කිරීමෙන් පසුව විවිධ නීති තර්ක ඉදිරිපත් කරමින් ඔවුන්ට බලපෑම් කරන්නේ මෙම නීතිඥ සමාගම හරහා බව මේ වන විට දැනගන්නට තිබේ. එමෙන්ම ඇතැම් කෝටිපති ව්‍යාපාරික සමාගම්වලට කතා කොට ඔවුන්ගේ සියලු නීති කටයුතු මෙම නීතිඥ සමාගමට ලබා නොදුනහොත් වෙබ් අඩවි හරහා ඔවුන්ට දැඩි ලෙස ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරන බවද මේ වන විට දැනගන්නට ඇත.

මෙම සමස්ත කප්පම් යාන්ත්‍රණය ලන්ඩනයේ සිට ක්‍රියාත්මක කරන මෙම චන්දිම විතානාරච්චි නමැත්තාට අමතරව ඔහුගේ සහායට ලංකාවේ සිට පලාගොස් ප්‍රංශයේ, ග්‍රීසියේ, රෝමයේ සැඟව ජීවත්වන කොටි ත්‍රස්තවාදීන් විශාල පිරිසක්ද සිටින බව දැනගන්නට තිබේ. ඔවුන්ට ත්‍රස්තවාදීන් ලෙස පෙනී සිටින්නට නොහැකි නිසා 'වෙබ් ක්‍රියාකරුවන්' ලෙස පෙනී සිටිමින් මෙම කප්පම් වෙබ් ත්‍රස්තවාදය ජයටම සිදුකරන බවට තොරතුරු වාර්තා වී ඇත.

ලන්ඩනයේ සිට ක්‍රියාත්මක මෙම වෙබ් ත්‍රස්තවාදී කණ්ඩායමේ තොරතුරු මෙන්ම ඊට අනුබද්ධව ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන ආයතන කිහිපයක් සම්බන්ධයෙන්ද මේ වන විට අප වෙත තොරතුරු ලැබෙමින් තිබෙන අතර ඉදිරි කාලයේදී ඒවාද ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

විශේෂ වාර්තාකරුවකු විසිනි



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7822561327135468853

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item