'මගේ බිලියන 18 ගේන්න කන්ටේනර් යවන්න ඕනේ' - මහින්ද (VIDEO)

පිහිටුවීමට සූදානම් යැයි පැවසෙන නව දේශපාලන පක්ෂයේ නායකයා ඔබ ද ගෝඨාභය රාජපක්ෂ මහතා ද ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන්...

පිහිටුවීමට සූදානම් යැයි පැවසෙන නව දේශපාලන පක්ෂයේ නායකයා ඔබ ද ගෝඨාභය රාජපක්ෂ මහතා ද ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කළහ.

එහි දී රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේ මේ සියළු කතා නිර්මාණය කරන්නේ මාධ්‍ය විසින් බව යි.

නිවැරදිකරුවන් වැරදිකරුවන් කරන්නේත් වැරදිකරුවන් නිවැරදිකරුවන් කරන්නේත් මාධ්‍ය විසින් බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසූවේ.

මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ බණ්ඩාරගම කුරුස හන්දියේ සුදර්ශනාරාමයේ පැවැති ශතාධික සාංඝික දානමය පිංකමකට සහභාගී වූ අවස්ථාවේ දී ය.

එහි දී තවත් මාධ්‍යවේදියෙකු මහින්ද රාජපක්ෂ මහතාගේ විමසා සිටියේ ව්‍යාපාරික ඒ.එස්.පී ලියනගේ මහතා විසින් තෑගි දීමට ගිය නාවල පීකොක් මැදුරේ පිහිනුම් තටාකය වැලිවලින් ගොඩ කළේ රත්තරන් සැඟවීමට ද යනුවෙනි.

එවිට රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේ,

"අහනවාකෝ අර ඩොලර් බිලියනය කොහොමද ආවේ කියලා. කාගෙද ඒ සල්ලි කියලා. අර නොදන්න කෙනෙක් ලංකාවට ඩොලර් බිලියනයක් එවලා තියෙනවානේ. අරයාගේ පුද්ගලික එකවුන්ට් එක දීලා පස්සේ අනික් එකවුන්ට් එක දුන්නා කියන්නේ."

එවිට එහි සිටි රාජපක්ෂ මහතාගේ ආධාරකාරියක් කෑගැසුවේ "ඕවා ඔක්කොම බොරු" යනුවෙනි.

එයට සිනහ සී පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ,

"මේ කියන්නේ මගේ ඩොලර් නෙවෙයි ; මේ ආණ්ඩුවෙන් ගෙනාපු ඩොලර්." යනුවෙනි.

තම රථයට ගොඩ වීමට පෙර ඒ මහතා උපහාසාත්මකව මෙලෙස ප්‍රකාශ කළේ ය.

"මගේ ඩොලර් දහඅට බිලියන දහඅටක් නේ. පොඩි ගාණක් නෙවෙයි. ඒක ගේන්න කන්ටේනර් ටිකක් යවන්න ඕනේ"

වීඩියෝව පහතින්.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4438182372707150019

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item