ලංකාවේ වාහන මිල යළිත් ලක්ෂ 3-5කින් ඉහළට - මිල ඉහළ යන්නේ මෙහෙමයි
පසුගිය දින ජපානයේ යෙන් අගය ඉහළ ගොස් ඇමෙරිකානු ඩොලරය අගය පහත වැටීම නිසා නැවතත් අපේ රටට ආනයනය කරන වාහන වල මිළ ඉහල යන බව වාහන ආනයනකරුවන්ගේ ස...
http://www.sathhanda.com/2016/01/3-5.html
පසුගිය දින ජපානයේ යෙන් අගය ඉහළ ගොස් ඇමෙරිකානු ඩොලරය අගය පහත වැටීම නිසා නැවතත් අපේ රටට ආනයනය කරන වාහන වල මිළ ඉහල යන බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සහ වාසනා ට්‍රේඩිං ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සම්පත් මෙරෙංචිගේ පවසයි. ඔහු පවසන්නේ මේ හේතුව නිසා ඉදිරියේදී මෝටර් ඇක්වා රථයක් රුපියල් ලක්ෂ 4කින්. වෙසල් සහ ප්‍රියස් වැනි මෝටර් රථ ලක්ෂ 6ක් පමණ ඉහළ යා හැකි බවයි. ඒ වගේම වෑන් රථයක් තවත් ලක්ෂ 5කින් පමණ. ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් ලක්ෂ 3කින් පමණ ඉදිරියේදී ඉහළ යා හැකි බවත් පවසනවා.
මේ නිසා දැනට ලංකාවේ වෙළෙදපොළේ තිබෙන වාහන අලෙවි වූ පසු අලුතින් වෙළෙද පොළට එන වාහන ඉහළ යා හැකි බැවින් තවමත් මෙරට වෙළද පොළේ තිබෙන වාහන මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගියන්ට තිබෙන බවත් මෙරෙංචිගේ පවසයි.
වාහන ආනයනකරුවන් බහුතරය අයවැයෙන් පසුව එකදු වාහනයක්වත් මෙරටට ගෙන්වා නැති බවත්, දැනට වෙළෙදපොළේ තිබෙන වාහන විකිණී හමාර වූ පසුව සීමාසහිතව තමයි වාහන ආනයනය කිරීමට සිදුවන්නේ යැයි වාහන ආනයනය කරුවන්ගේ සභාපති සම්පත් මෙරෙංචිගේ වැඩිදුරටත් පවසයි.
Related