පක්ෂය කඩපු අයට ඡන්දය දෙන්න එපා - මහින්ද

මැතිවරණ සමයේ ජනතාවට දහසක් පොරොන්දු දී බලයට පත්වූ යහපාලන රජයේ වර්තමාන ප්‍රධාන අරමුණ බවට පත්ව ඇත්තේ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීම නොව රා...

මැතිවරණ සමයේ ජනතාවට දහසක් පොරොන්දු දී බලයට පත්වූ යහපාලන රජයේ වර්තමාන ප්‍රධාන අරමුණ බවට පත්ව ඇත්තේ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීම නොව රාජපක්‍ෂවරුන්ගෙන් පළි ගැනීම පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය. මේ යහපාලනයේ අපට එක නීතියක්, රජයට සහාය දක්වන අයට තව නීතියක්. අවුරුදු 09ක් සන්ධාන රජයේ කැබිනට් එකේ හිටපු අය අද කතා කරන්නේ මැරිල ඉපදිලා වගෙයි. ඔක්කොම කරල තියෙන්නෙ මම විතරයි. දැන් ඒ අයට පේන්නේ මගේ හා මගේ පවුලෙ අයගෙ වැරැදි විතරයි. මේ අය වැරැදි කරලම නැහැ. මේ යහපාලන රජය පසුගිය වසර පුරා කළේ පළිගැනීම් විතරයි. ඇයි අපට මෙහෙම කරන්නෙ. ප්‍රභාකරන් මරල රටට නිදහස ලබාදුන් නිසාද? ජනතාවට නිදහසේ ජීවත්වෙන්න අවස්ථාව ලබාදුන් නිසාද යනුවෙන් ප්‍රශ්න කළේය.

දැන් රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්න යනවලු. අපිත් එදා ව්‍යවස්ථා කාරක සභාවක් පත් කරල ඊට උත්සාහ කළා. එදා එජාපය ඒ සඳහා සහායක් ලබාදුන්නෙ නෑ. මේ ආකාරයෙන් සම්පූර්ණ ව්‍යවස්ථා වෙනසක් කරන්න මේ අයට ජනතා වරමක් තියෙනවද? එදා මෛත්‍රිපාල ජනාධිපතිතුමා කීවේ ජනමත විමසුමකට නොඑන විසඳුමක් ලබා දෙනව කියලයි. දැන් ජනපතිගේ, අගමැතිගේ වගේම තවත් අයගේ යෝජනා දැන් ප්‍රකාශ වෙනවා. චන්ද්‍රිකා නෝනා කියල තියෙනවා බුද්ධාගමට ලබාදුන් ආරක්‍ෂාව අවශ්‍ය නෑ කියලා. පාසල්වල බුද්ධාගම උගන්වන්න අවශ්‍ය නෑ කියනවා. පාසල්වලින් මැෂින් එළියට දාන්න අපට අවශ්‍ය නෑ. ඕනෑම ආගමකට දහමකට ගරු කරන ගුණ යහපත් පුරවැසියෙක් බිහි කිරීම තමයි අවශ්‍ය වෙන්නේ යනුවෙන්ද ඒ මහතා කීය. ඉදිරියේදී පළාත් පාලන මැතිවරණයක් එනවා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අය දෙගිඩියාවට පත්වෙලා ඉන්නවා. කාටද ඡන්දෙ දෙන්නෙ කියල. මම ඒ අයට කියන්නෙ එක දෙයයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරක්‍ෂා කරන අයට විතරක් ඡන්දය දෙන්න කියලයි. එක්සත් ජාතික පක්‍ෂය සමඟ එකතු වෙලා පක්‍ෂය කඩපු, පක්‍ෂය භේද භින්න කරපු, විනාශ කිරීමට කටයුතු කරන අයට ඡන්දය දෙන්න එපා කියලයි මම කියන්නේ යනුවෙන්ද මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

බලයට පැමිණීමට පෙර මේ යහපාලකයන් ජනතාවට ලබාදුන් පොරොන්දු මොනවද ඉටු කළේ. මගෙන් පළිගන්නද ගොවි ජනතාවට ලබාදුන් පොහොර සහනාධාරය කපල දැම්මේ. එදා ප්‍රේමදාස මහත්තයා ලබාදුන් පාසල් නිල ඇඳුම, දිවා ආහාරය අපි දිගටම දුන්නා. අද ඒවා යහපාලනයෙන් ලැබෙනවද කියල අපි දැන් අහනවා. හොඳම වැඩේ කියන්නේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ පුත්‍රයත් මේ රජයේ ඉඳගෙන තාත්තා එදා දුන්නු දේ කපන්න කියල අත උස්සන එකයි. දැන් රටේ ජනතාවට මේ වහ පාලනය ඇති වේගෙනයි යන්නෙ යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5350558017368377424

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item