ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය අබිලින් මාමා

ප්‍රවීණ රංගන ශිල්පී චන්ද්‍රසිරි කොඩිතුවක්කු අද උදෑසන අභාවප්‍රාප්ත විය. කෝපි කඩේ ටෙලි නාට්‍ය මාලාවේ ‘අබිලින්‘ ලෙස ලොකු කුඩා කා අතරත් ජනප්‍...

ප්‍රවීණ රංගන ශිල්පී චන්ද්‍රසිරි කොඩිතුවක්කු අද උදෑසන අභාවප්‍රාප්ත විය. කෝපි කඩේ ටෙලි නාට්‍ය මාලාවේ ‘අබිලින්‘ ලෙස ලොකු කුඩා කා අතරත් ජනප්‍රියත්වයට පත්ව සිටි ඔහු මිය යන විට 67 වැනි වියේ පසුවිය. හදිසියේ රෝගාතුරවී පසුගියදා ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබීය. ශ්වසන රෝගයක් උත්සන්න වීමත්, හෘද රෝගී තත්ත්වයත් හේතුවෙන් ඒ මහතා එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් ඇත. කා අතරත් හොද පුද්ගලයෙකු වූ අබිලින් වේදිකා, චිත්‍රපට හා සිනමා නිර්මාණවලට සිය කලා හැකියාවෙන් දායකත්වය ලබාදුන්නේය.දොම්පේ දෙල්ගොඩ උපත ලද කොඩිතුවක්කු මහතා කැලණිය ගුරුකුල විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ අතර උතුරේ රාහුල, දේශපාලුවා, සොක්කානෝ රජාණෝ, කැකිල්ලේ වැනි වේදිකා නාට්‍යවලටද රංගනයෙන් දායකවී ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1244384355988558788

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item