ඇමැතිධුර තිබුණාට සල්ලි තිබුණාට මෙගා පොලිස්‌වලට අකුල් හෙලන්න කාටවත් ඉඩ දෙන්නේ නෑ - අමාත්‍ය පාඨලි

වත්මන් ආණ්‌ඩුවේ ඇමැති ධුර තිබුණා හෝ, තමන්ට සල්ලි තිබුණා හෝ මාධ්‍ය බලය තිබුණා හෝ කියා මෙගා පොලිස්‌ ව්‍යාපෘතියට බාධා කිරීමට තමන් කිසිවකුට ඉ...

වත්මන් ආණ්‌ඩුවේ ඇමැති ධුර තිබුණා හෝ, තමන්ට සල්ලි තිබුණා හෝ මාධ්‍ය බලය තිබුණා හෝ කියා මෙගා පොලිස්‌ ව්‍යාපෘතියට බාධා කිරීමට තමන් කිසිවකුට ඉඩ නොතබන බව මහ නගර සහ බස්‌නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක ඊයේ (26 වැනිදා) සඳහන් කළේය.

වේරැස්‌ගඟ ව්‍යාපෘතිය අධිකරණයෙන් තහනම් කළා කියා ඇතැම් මාධ්‍ය වාර්තා පළකර ඇති බවත් එහෙත් එවැනි කරුණක්‌ තමන්ට අධිකරණයෙන් දැනුම් දී නැති බවත් හෙතෙම කියා සිටියේය.

ආණ්‌ඩුවේ ඇමැතිකම් දැරුවයි කියා තමන්ගේ ඉඩම මෙම ව්‍යාපෘතියට අයත් විය යුතු නැතැයි කියා සමහරු හිතන බවත් කී ඇමැතිවරයා මෙම ආණ්‌ඩුවට බලය ලැබුණේ නීතිය සැමට සමව ක්‍රියාත්මක කිරීමට බවත් පැවසීය.

ගංවතුර ප්‍රශ්නය පොදු ප්‍රශ්නයක්‌ බවත් දැනට පවුල් 170 කට අයත් ඉඩම් අත්පත්කරගෙන ඇති බවත් පැවසූ පාඨලී චම්පික රණවක සංවර්ධන කටයුතු අවසන් කළ පසු ඉඩම්වලින් බොහොමයක්‌ අයිතිකරුවන්ට ආපසු භාරදෙන බවත් පැවසීය.

උසාවියෙන් ප්‍රශ්නයක්‌ පැමිණියහොත් ඊට මුහුණදී ජනතා අවශ්‍යතා ඉටුකිරීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2538855030939626550

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item