අයි.එස්. ත්‍රස්තයන්ට ප්‍රතිකාර කරන ලාංකිකයකු ගැන හෙළිදරව්වක් මෙන්න

අයි.එස්. ත‍්‍රස්තයන්ට සම්බන්ධ වූ තවත් ශ‍්‍රී ලාංකිකයකු පිළිබඳ හෙළිදරව් වී තිබේ. ඔහු භෞත චිකිත්සකයකු වන අතර මෙරටින් සිරියාවට ගිය වෛද්‍යවරු...

අයි.එස්. ත‍්‍රස්තයන්ට සම්බන්ධ වූ තවත් ශ‍්‍රී ලාංකිකයකු පිළිබඳ හෙළිදරව් වී තිබේ. ඔහු භෞත චිකිත්සකයකු වන අතර මෙරටින් සිරියාවට ගිය වෛද්‍යවරුන් ද වන බවට හෙළිවී ඇතැයි ඕස්ටේ‍්‍රලියානු පුවත් වාර්තා කරයි.මොහොමඞ් යුනයිස් මොහොමඞ් අමීන් නමැති 41 හැවිරිදි ඔහු සිරියාවේ රක්කාහි අයි.එස්.ත‍්‍රස්තවාදීන් විසින් පවත්වාගෙන යනු ලබන ත‍්‍රස්තයන් සඳහා සෞඛ්‍ය සේවා සපයන රෝහලක භෞත චිකිත්සකයකු ලෙස සේවය කරයි. ඕස්ටේ‍්‍රලියානු ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇති පරිදි ඔහු ලාංකිකයෙක් වන අතර මොහු 2014 වසරේදී ඕස්ටේ‍්‍රලියාවට ගොස් ඇති බව පැවසේ.මොහුගේ හිටපු බිරිඳට අයත් බව සැළකෙන මෙල්බර්න්හි පිහිටි නිවාස 2ක් වැටලූ ආරක්ෂක අංශ මොහු පිළිබඳ තොරතුරු රැුසක් අනාවරණය කරගෙන ඇති බව එරට වාර්තා පවසයි.

මැදපෙරදිග සංචාරයක් සඳහා ගිය ඔහු පසුව ඕස්ට්‍රෙිලියාවට ගොස් ඇති බව ද සඳහන් ය. මීට පෙර අනාවරණය වූ අයි.එස්. හා සම්බන්ධ වී අදාළ රෝහලේ සේවය කරන ඕස්ටේ‍්‍රලියානු ජාතික වෛද්‍යවරයකු වන ටැරික් කාමිල් සමඟ සේවය කරන බවට අනාවරණය වීමත් සමඟ මෙම ලාංකිකයා පිළිබඳ ඕස්ටේ‍්‍රලියානු ත‍්‍රස්ත මර්දන එ්කක හඹායමින් සිටියි.මොවුන් පිළිබඳ මුලින් අනාවරණය වී ඇත්තේ එම සිරියාවට පැමිණෙන්නැයි ලොව පුරා සෞඛ්‍ය සේවා, වෛද්‍ය විද්‍යා දැනුම ඇත්තන්ට කරන ලද ඇරයුම සහිත වීඩියෝව මගිනි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1727431861372033061

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item