අලුත් පක්ෂයකට හොඳම අවස්ථාවයි [Video]

ජනතා සිතුම් පැතුම් අනුව මේ මොහොත අලුත් පක්ෂයක් සෑදීම සඳහා හොඳම අවස්ථාව බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. තමන් ඇතුළු පි...

ජනතා සිතුම් පැතුම් අනුව මේ මොහොත අලුත් පක්ෂයක් සෑදීම සඳහා හොඳම අවස්ථාව බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

තමන් ඇතුළු පිරිස් කැපවීමෙන් කටයුතු කළ මිනිසුන් බැවින් අලුත් පක්ෂයක නායකත්වය ගන්නා ලෙස ඉල්ලීම් ලැබෙන බව හෙතෙම කියා සිටියි.

අදට (26) යෙදුණු මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ 73 වන ජන්ම දින සැමරුම නිමිත්තෙන් පැවති දානමය පිංකමට සහභාගිවෙමින් අනතුරුව මාධ්‍ය‍ වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

දැනට විපක්ෂ නායක ධූරය දරන ආර්.සම්බන්ධන් මහතා ආණ්ඩුව පත්කිරීමට සහයෝගය දුන් අයෙකු බැවින් ඔහුගෙන් හෝ ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් විරුද්ධ පාර්ශවයේ මතය නියෝජනය නොවන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එම නිසා අලුත් දේශපාලන පක්ෂයක් ගොඩනැඟීමේ කාලීන අවශ්‍යතාව පවතින බවත්, පක්ෂය ගොඩනැඟීමෙන් අනතුරුව නායකත්වය තෝරාගත හැකි බවත් හෙ‍තෙම සඳහන් කළේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1151722338772416711

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item