බිල් ගෙවා නෑ - පාසල් 2700ක නෙට් කපලා දැන් දින 14යි

පාසල් පරිගණක පද්ධතිවලට ලබාදී තිබූ අන්තර්ජාල පහසුකම අක්‍රිය කර දින 14 ක් ගතවී ඇතත් මෙතෙක් එම පහසුකම සක්‍රිය කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර...

පාසල් පරිගණක පද්ධතිවලට ලබාදී තිබූ අන්තර්ජාල පහසුකම අක්‍රිය කර දින 14 ක් ගතවී ඇතත් මෙතෙක් එම පහසුකම සක්‍රිය කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර නොමැති බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

අන්තර්ජාල පහසුකම් සපයන සමාගමට සේවා සැපයීම වෙනුවෙන් ලබාදිය යුතු මුදල් නිසි ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබානොදීම නිසා අන්තර්ජාල පහසුකම් අක්‍රිය කර තිබෙන බව එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේය.

අන්තර්ජාල පහසුකම අක්‍රිය කිරීම නිසා පාසල් 2700 ක පරිගණක ආශ්‍රිත අධ්‍යාපන කටයුතුවල නිරත ලක්ෂ 15 කට අධික දරුවන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව තිබෙන බවද ඔහු පවසා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2742125282201996540

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item