ශ්‍රී ලාංකික තරුණයෙන් ස්වෝත්සාහයෙන් සාර්ථක රොකට් අත්හදාබැලීමක් කරයි ?

ශ්‍රී ලංකාව රොකට් තාක්‍ෂණය පිළිබඳ සිහින මවද්දී ඒ සිහිනය සැබෑ කිරීමට උත්සාහ දරන ලංකාවේ තරුණයකු පිළිබඳ මේ දිනවල සමාජ ජාල, වෙබ් අඩවි ඔස්සේ බොහ...

ශ්‍රී ලංකාව රොකට් තාක්‍ෂණය පිළිබඳ සිහින මවද්දී ඒ සිහිනය සැබෑ කිරීමට උත්සාහ දරන ලංකාවේ තරුණයකු පිළිබඳ මේ දිනවල සමාජ ජාල, වෙබ් අඩවි ඔස්සේ බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබේ. කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි තිවංක නෙරන්ජන් වන මේ තරුණයා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ඉන්ජිනේරු අංශයේ අධ්‍යාපනය ලබන සිසුවකු වන අතර ඔහු විසින් නිර්මාණය කරන ලද රොකට් එක අත්හදා බැලීම පසුගියදා කුරුණෑග ප්‍රදේශයේ කුඹුරකදී සිදු කෙරිණි.

HathoR Aerospace - Sky Touch - 01 ලෙස මෙය නම් කර තිබෙන අතර ඔහුගේ රොකට් තාක්‍ෂණය අත්හදා බැලීම සාර්ථක වී ඇති බවද වාර්තා වෙයි. ඔහු විසින් සිය රොකට් අත්හදා බැලීම් 5 වතාවක් සිදුකර තිබෙන බව සිය ෆේස්බුක් ගිණුමෙහි සඳහන් කර ඇත්තේ මෙසේය,

01. Sky Touch - 01 Rocket (2015/2016)
02. Air Touch - 03 Rocket - (2015.07.05)
03. Air Touch - 02 Rocket - (2015.05.04)
04. Air Touch - 01 Rocket - (2014.04.18)
05. Experimental Rocket Project (2013/2014)

වසර ගණනාවක් තිස්සේ ඔහු මේ පර්යේෂණය සිදුකර තිබෙන අතර මේ සඳහා විශාල කැපකිරීමක් කර තිබේ. තාක්‍ෂණික ක්‍රමවේදයට අනුකූලව ඔහු විසින් නිෂ්පාදනය කර ඇති මේ රොකට් එක කිලෝග්‍රෑම් 100ක බරකින් හා අඩි 15ක උසින් යුක්ත වෙයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7262642277481141121

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item