මාව එළවන්න ලේසියෙන් බැහැ

ඉන්දියාව සමග අවසන් කිරීමට නියමිත ගිවිසුමෙන් ශ‍්‍රී ලංකාවේ ගිලන් රථ ප‍්‍රවාහන සේවය ඉන්දියාවට අයිතිවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...

ඉන්දියාව සමග අවසන් කිරීමට නියමිත ගිවිසුමෙන් ශ‍්‍රී ලංකාවේ ගිලන් රථ ප‍්‍රවාහන සේවය ඉන්දියාවට අයිතිවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු කියා සිිටියේ ඉදිරියේදී ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ ප‍්‍රාන්තයක් වනු ඇතැයි සැකයක් මතුවන බවයි. හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට අද පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හරිනවාද, අලූත් පක්ෂයකට සම්බන්ධ වනවාද, සහ ආණ්ඩුවේ සංවර්ධනය ගැන සතුටු වනවාද යනුවෙන් මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නවලටද මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස පිළිතුරු ලබාදුන්නා.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළවන්න හැදුවට ලේසියෙන් මාව එළවන්න හම්බවෙන එකක් නැහැ. වයසක අයට ඕනේ වෙලා ඇති මාව ඉක්මනින් තල්ලුකරන්න. නව පක්ෂයක අවශ්‍යතාව රට තුළ තියෙනවා. දැන් නාළිකාවල කට වහලා. විපක්ෂයේ මතයත් ඉදිරිපත් කරන්න කවුරුහරි ඉන්න ඕනනේ. නැත්තන් වෙන පැත්තකට මේක හැරෙනවා. සමහර විට මේ ආණ්ඩුවට ඕනේ වෙලාත් ඇති එහෙම හරවලා මර්ධනයකට යන්න.

අද කතාකරන හාමුදුරුවරු විරුද්ධ උනොත් රිමාන්ඩ් එකේ , විරැකියාවට කඳුලු ගෑස්, ගෙවල් වලින් දොට්ට, දැන් අපේ කාලේ එහෙම එකක් වුනේ නැහැනේ. මිනිස්සුන්ව මහපාරට ඇදලා දාලා සංවර්ධනයක් කළේ නැහැ අපි. අබමල් රේණුවක සංවර්ධනයක් වෙලා නැහැ".



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 576305309354214255

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item