ෆොන්සේකාගේ පත්වීම වැරදියි - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

එජාප ජාතික ලැයිස්තුව මාර්ගයෙන් පාර්ලිමේන්තුවට පත් කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ පත්වීම හා එම තනතුරේ කටයුතු කිරීම වළක්වන නියෝගයක් නිකු...

එජාප ජාතික ලැයිස්තුව මාර්ගයෙන් පාර්ලිමේන්තුවට පත් කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ පත්වීම හා එම තනතුරේ කටයුතු කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු යෝජනා නාමාවලියේ නොසිටි සරත් ෆොන්සේකා පත් කිරීමෙන් ජනතා පරමාධිපත්‍යය උල්ලංඝණය වීමක් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 අ වගන්තීන් උල්ලංඝණය වීමක් සිදුවී ඇති බවද පෙත්සම්කරු සිය පෙත්සම මගින් පෙන්වා දී තිබේ.

එහි වගඋත්තරකරුවන් වශයෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා, කථානායකවරයා, මැතිවරණ කොමිසමේ සභාපති, පාර්ලිමේන්තුවේ මහලේකම්, නීතිපතිවරයා ඇතුළු අට දෙනෙක් නම් කර ඇතැයි සඳහන්ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3219436499701205904

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item