ඉන්දියාව තාවකාලිකව දුන්න ඩොලර් බිලියනය දවසින් ආපසු ගනියි - ලංකාවේ සංචිත ඩොලර් බිලියන 4.2ට බහි - දැඩි මුල්‍ය අර්බුදයක්
ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 5.3 මටටමේ පවත්වාගෙන යාම සඳහා ඉන්දීය රජයේ ලබා දී තිබූ ඩොලර් බිලියන 1.1 ක මුදල් ශ්‍රී ලංක...

http://www.sathhanda.com/2016/03/42.html
ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 5.3 මටටමේ පවත්වාගෙන යාම සඳහා ඉන්දීය රජයේ ලබා දී තිබූ ඩොලර් බිලියන 1.1 ක මුදල් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දියාව වෙත අපාසු ලබා දී තිබේ.
ඒ අනුව මෙරට විදේශ මුදල් සංචිතය ඩොලර් බිලියන 4.2 දක්වා ඇත වැටී ඇත.
සිකුරාදා දිනයේ ඉන්දියාවට අදාල මුදල ගෙවිය යුතුව තිබියදී මෙරට බලධාරීන් එදින පෙවරුවේ ඉන්දීය බලඡුාරීන් හා කරන ලද සාකච්චාවලදී එම මුදල තවත් කාලයක් මෙරට රඳවා තබන්නට එකඟ වුවද පස්වරුවේ නැවත ඉන්දීය බලධාරීන් දන්වා ඇත්තේ අනිවාර්යෙන්ම දිනය ඇතුලත මෙම මුදල ගෙවා දමන ලෙසයි.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම මුදල ඉන්දියාව වෙත ගෙවා දමා ඇත. මේ අනුව මෙරට විදේශ සංචිත විශාල ලෙස පහල යාමත් සමඟ මෙරට ණයවර ලිපි මගින් ව්‍යාපාර කටයුතුවල යෙදීම දැඩි අවදානමකට පත්ව තිබේ.
Related