ෆොන්සේකා දිවුරුම් දෙන්න නියමිතයි

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිතව තිබේ. එම්.කේ.ඒ.ඩි.එස්.ගුණවර්ධනගේ අභාවයෙන් ප...

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිතව තිබේ.

එම්.කේ.ඒ.ඩි.එස්.ගුණවර්ධනගේ අභාවයෙන් පුරප්පාඩු වු මන්ත්‍රී ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් සරත් ෆොන්සේකා මහතා නම් කිරීමට තීරණය කරනු ලැබිණි.

අද පස්වරුවේ පාර්ලිමේන්තු සභා වාරය ආරම්භයේ දී සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිත බව වාර්තා වේ.

ඊට ඊයේ දිනයේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික අනුමැතිය ද හිමිවූ අතර ඒ අනුව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයෙකු ලෙස නම් කිරීමට අදාළ ගැසට් නිවේදනය ද ඊයේ මධ්‍යම රාත්‍රීයේ නිකුත් කර තිබේ.

2015 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් සරත් ෆොන්සේකා මහතා තරග වැදුණ ද ඔහුගේ පක්ෂයට මන්ත්‍රී ධුරයක් හිමිකර ගැනීමට හැකි වුයේ නැත.

පසුගිය 03 වන දින ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග අවබෝධතා ගිවිසුමකට ද එළඹුණු අතර ඉදිරියේ දී ෆොන්සේකාට අමාත්‍ය ධුරයක් ද හිමිවනු ඇති බව වාර්තා වේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5717056287104672219

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item