මෛත්‍රීගේ ශ්‍රීලනිපය වනසන ප්‍රතිපත්තිවලට මහින්ද දැඩිව පිළිතුරු ලබාදෙයි

තමා විසින් ශක්තිමත්කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව පිරිසක් කුමන්ත්‍රණයක් දියත්කර ඇති බව හිටපු ජනාධිපති,...

තමා විසින් ශක්තිමත්කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව පිරිසක් කුමන්ත්‍රණයක් දියත්කර ඇති බව හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

ඒ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ අඩංගු කරුනු පහත දැක්වේ .

මගේ පාලන කාලය තුළ අපේ පක්ෂ ඉතිහාසයේ ශක්තිමත්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව ගොඩ නැගීමට හැකිවීම ගැන මම නිහතමානීව ආඩම්බරවෙමි. ඒ ආණ්ඩුව කොතරම් ශක්තිමත්වීද කියතොත් එය පරාජය කිරීමට හැකි වූයේ කුමන්ත්‍රණකාරී ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම කොටසක් එජාපය සමඟ එකතු වී මගේ ආණ්ඩුවට එරෙහිව බොරු ප්‍රචාර හා පෙර නොවූ විරෑ ආකාරයේ අවලාද ව්‍යාපාරයක් ගෙන යෑම තුළින් පමණි.ඇතුළතින් ලැබූ ඒ උදව් උපකාර නොමැතිව එක්සත් ජාතික පක්ෂයට මා ගොඩනැගූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව පරාජය කිරීමට නොහැකි විය.මගේ ආණ්ඩුව ජරාජය වූ පසුත් රටේ ජනාධිපතිවරයාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යේ වත්මන් සභාපතිවරයාය.කැබිනට් මණ්ඩලයේ තනතුරුද එක්සත් ජාතික පක්ෂයත්,ශ්‍රී ලංකා නිදහස් පාක්ෂයත් අතර බෙදී ඇත.එසේ වුවත් වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම තීරණය කරන්නේ එක්සත් ජාතික පක්ෂකයයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙලෙස එක්සත් ජාතික පක්ෂයේ සිරකරුවෙකු බවට පත් වීම හේතුවෙන් අපේ පක්ෂයේ අනන්‍යයතාවය නැතිවීමේ අවදානමක් දැන් පැනනැඟී ඇත.

පොහොර සහනාධාරය අවලංගු කිරීමට එරෙහිව ගොවීන්ගේ උද්ඝෝෂණ අද දිනපතාම දකින්නට ලැබේ.පොහොර මල්ලක මිල රුපියල් 2,500 ට සීමා කිරීමට ජනාධිපතිවරයා දී තිබෙන උපදෙස් පරිප්පු හා කරවල වලට පාලන මිලක් නියම කිරීම වැනිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් තිබුණේ නම් මොනම තත්ත්වයක් යටතේවත් පොහොර සහනාධාරය අවලංගු කිරීමට ඉඩතබන්නේ නැත.නමුත් අද එජාපය මේ නිෂ්පාදන සහනාධාරය අවලංගු කරන විට ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ටත් එයට අත එසවීමට සිදු විය.

ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යෝජනා කර තිබෙන ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුමට එරෙහිව ලංකාවේ සමස්ථ වෘත්තීයවේදී ප්‍රජාවම අරගලයක් ආරම්භ කර තිබේ.මොන විරෝධය ආවත් මේ ගිවිසුම අත්සන් කරන බව එක්සත් ජාතික පක්ෂ අගමැතිවරයා කියයි.අපේ ආණ්ඩු කාලය තුළදීද ඉන්දියාව මහත් උනන්දුවක් දැක්වූ සීපා ගිවිසුම ගැන සාකච්ඡා වෙමින් පැවති අතර එයට ජනතාව අතරින් නැගී ආ විරෝධය සැලකිල්ලට ගෙන අපි එම ගිවිසුමට අත්සන් කිරීමෙන් වැළකී සිටියෙමු.නමුත් අද ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂස සාමාජිකයන්ට එක්සත් ජාතික පක්ෂය අත්තනෝමතික ලෙස ඇති කර ගැනීමට යන මේ ගිවිසුමට සම්මාදම් වීමට සිදු වී තිබේ.

ලංකාවට එරෙහිව ඇමරිකාව ගෙන ආ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව පිළිගෙන එක්සත් ජතික පක්ෂ ආණ්ඩුව විසින් එය ලංකාවේම යෝජනාවක් හැටියට සම්මත කරගන්නා විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට නිහඩව බලා සිටීමට සිදු විය.මේ යෝජනාවෙන් අපේ රටත් රණවිරුවනුත් පාවා දෙමින් විදේශීය විනිශ්චයකාරවරුන්,පරිචෝදකයන් හා විමර්ශන නිලධාරීන්ගේ සහභාගීත්වය ඇතුව ලංකාවේ යුද අපරාධ අධිකරණයක් ඇති කිරීමට එකඟතාවය පලකොට තිබේ.යුද්ධය ජයගනු ලැබුවේ මා විසින් නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවකි.එක්සත් ජාතික පක්ෂ ය මේ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂරයේම කොටසකගේ උදව් ඇතුව යුද්ධය දිනූ පාර්ශවයෙන් පළිගැනීමයි.

2016 අයවැය තුළ කිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂප ලක්ෂණයක් නොතිබුණු අතර එය සහමුලින්ම එක්සත් ජාතික පක්ෂ යේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රවේශය මත පදනම් වූ අයවැයක් විය.නොරොච්චෝලේ බලාගාරය,සියළුම වරායන් හා ගුවන්තොටුපළවල මෙහෙයුම් කටයුතුද ඇතුළුව රජයට අයත් සියලු ව්‍යාපාර පුද්ගලීකරණය කිරීමට එහි යෝජනා කර තිබුණි.එමෙන්ම රජයේ විශ්‍රාම වැටුපත්,පෙහොර සහනාධාරයත්,පාසැල් නිල ඇඳුම් ව්‍යාපෘතියත් අහෝසි කර දැමීමට එහි යෝජනා විය.ආණ්ඩුව තුළ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයන්ට එවන් අයවැයකටත් පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට සිදුවිය.

මේ යටත්වීමට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය රැකගැනීමට උත්සාහ දරණ අප පක්ෂයේ දේශපාලනඥයින්ට විවිධ පීඩනයන්ට මුහුණ දීමට සිදුවී තිබේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ්යේ සිටි මැතිවරණ කොටඨාශ සංවිධායකවරුන් වූ ප්‍රසන්න රණතුංග, දිලුම් අමුණුගම, කාන්ති කොඩිකාර,දුමින්ද සිල්වා, ධනසිරි අමරතුංග,සෙනරත් ජයසුන්දර අතුළු පිරිසකගේ ආසන සංවිධායක කම් වෙනත් අයට ලබා දී තිබේ. මේ පිරිස අතර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණතුංග හා දිලුම් අමුණුගම යන මන්ත්‍රීවරුන්, විපක්ෂ යේ හිඳිමින් පාර්ලිමේන්තුවේත්,ඉන් පිටතත්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය රැකීමට විශාල කාර්යභාරයක් ඉටුකර තිබේ. එවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස ආසන සංවිධායක කම්වලින් ඉවත් කිරීමෙන් පක්ෂ නායකත්වය ඉටු කරන්නේ කාගේ උවමනාවදැයි සියළුම පාක්ෂිකයන් කල්පනා කර බැලිය යුතුය.

තමන් සමඟ ආණ්ඩු විරෝධී,එක්සත් ජාතික පක්ෂ විරෝධී ප්‍රතිපත්තියක් මත එකට පාර්ලිමේන්තුවට පත් වී විපක්ෂ යේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් හොරුන් හා මිනීමරුවන් හැටියට හංවඩුගසා පොලිස් විමර්ශන ඒකක විවිධ කොමිසම් හා උසාවි ගානේ ඇදගෙන යාමත් නිහඩව ලබා සිටීමට ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට සිදු වී තිබේ.මෙය එක්සත් ජාතික පක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහමුලින්ම විනාශ කිරීමට ගෙන යන කුමන්ත්‍රණයක් බවට ඉතා පැහැදිලිය.ආණ්ඩුව තුළ සිටින සියළුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මන්ත්‍රීවරුන් තමන්ට වඩාත් වැදගත් වන්නේ එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවද නැතිනම් තමා ආණ්ඩු විරෝධී එක්සත් ජාතික පක්ෂ විරෝධී පදනමක් මත ජනතා නියෝජිතයින් හැටියට පාර්ලිමේන්තුවට පත්කර යැවු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්දදායකයන්ද යන්න තීන්දු කළයුතු කාලය දැන් එළඹ තිබේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය භාරගැනීමේ දී බොහෝ පාක්ෂිකයින් බලාපොරොත්තු වූයේ එක්සත් ජාතික පක්ෂ ඡන්දවලින් ජනාධිපති වූවත්,පක්ෂ නායතක්වය භාර ගැනීමෙන් පසු පාක්ෂිකයනුත්,පක්ෂයේ ප්‍රතිපත්තියත්, අනන්‍යතාවයත් රකිනු ඇති බවයි. නමුත් එවැන්නක් සිදුවන බවක් පෙනෙන්නට නොතිබීම ගැන අපි කනගාටු වෙමු.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6464465092635389659

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item