'අනතුරට ප.ච. රණවක සම්බන්ධ යැයි සාක්ෂි නෑ' පොලීසිය - කියයි - නෑ වාහනේ පැදවූවේ ප.ච. රණවක ඇසින් දුටු සාක්ෂි කියයි

වැලිකඩ ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනකුට තුවාල සිදුවූ අනතුරට ඇමැති පාඨලී චම්පික රණවක සම්බන්ධ බවට සාක්‍ෂි කිසිවක්‌ මේ වන තුරු ලැබී නොමැති බව වැලි...

වැලිකඩ ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනකුට තුවාල සිදුවූ අනතුරට ඇමැති පාඨලී චම්පික රණවක සම්බන්ධ බවට සාක්‍ෂි කිසිවක්‌ මේ වන තුරු ලැබී නොමැති බව වැලිකඩ පොලිසිය පවසයි.

එහෙත් මෙම අනතුරින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සදීප සම්පත් තරුණයාගේ ඥතීන් සහ මිතුරන් පවසන්නේ අනතුර සිදුවන අවස්‌ථාවේ ජීප් රථය පදවාගෙන ගොස්‌ ඇත්තේ ඇමැති පාඨලී චම්පික රණවක බවයි.

තරුණයන් දෙදෙනා අනතුරට ලක්‌කර පලා ගිය ඇමතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ඔවුහු පොලිසියෙන් ඉල්ලා සිටිති.

මෙම අනතුර සිදුවී ඇත්තේ ඉකුත් ඉරිදා (28) රාත්‍රි 9.55 ට පමණය. තුවාල ලැබූ තරුණයන් දෙදෙනා කොළඹ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියේ පැවැති යතුරුපැදි සංදර්ශනයකින් අනතුරුව පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.

යතුරුපැදිය ජීප් රථයේ ගැටීමෙන් පසු එය පෙරළී ගොස්‌ ඇත. ඒ අවස්‌ථාවේ ජීප් රථයේ රියෑදුරු අසුනේ සිටි පුද්ගලයා එහි වීදුරුව පහතට කර බිම වැටී සිටින තරුණයන් දෙස බලා රථය නොනවත්වා ධාවනය කර තිබේ.

එහිදී මෙම තරුණයන් දෙදෙනාගේ මිතුරන් කීපදෙනකු තවත් යතුරුපැදි කීපයකින් පැමිණ ඇති අතර ඔවුන් ජීප් රථය ලුහුබැඳ ගොස්‌ එය නතර කරගෙන ඇත.

එහිදී ජීප් රථය පැදවූ පුද්ගලයා පවසා ඇත්තේ තමන් ඇමැති පාඨලී චම්පික රණවක බවත් මෙම අනතුර සම්බන්ධයෙන් කටඋත්තර ලබාදීමට බොරැල්ල පොලිසිය වෙත යන බවත්ය.

අනතුර සිදුවී විනාඩි පහළොවකට පසුව බොරැල්ල පොලිසිය වෙත පැමිණ ඇති පාඨලී චම්පික රණවකගේ රියෑදුරු කටඋත්තරයක්‌ ලබා දෙමින් පවසා ඇත්තේ තමන් ජීප් රථය පදවාගෙන එන විට එහි පිටුපස කොටසේ යතුරුපැදියක්‌ ගැටී අනතුරට ලක්‌වූ බවයි.

තරුණයන් දෙදෙනා අනතුරින් මියගොස්‌ ඇතැයි සිතා බියට පත් වී තමන් බොරැල්ල පොලිසිය වෙත පැමිණි බවට ද හෙතෙම පොලිසියට කටඋත්තර ලබාදී තිබේ.

අනතුරින් පසු තමා පලායද්දී තුවාල ලැබූ තරුණයන් දෙදෙනාගේ මිතුරන් පිරිසක්‌ ජීප් රථය නතර කර තම හැඳුනුම්පත ඉල්ලා සිටි බවත් ඒ අවස්‌ථාවේ ඔවුන්ට තමා හඳුන්වා දුන්නේ පාඨලී චම්පික ඇමැතිවරයාගේ රියෑදුරු ලෙසින් බවත් කියමින් මොහු පොලිසිය වෙත වැඩිදුරටත් කටඋත්තර ලබාදී තිබිණි.

එහෙත් මෙම බරපතළ තුවාල ලබා සිටින සදීප සම්පත් තරුණයාගේ පවුලේ ඥතීන් සහ මිතුරන් පවසන්නේ අනතුර සිදුවන අවස්‌ථාවේ ජීප් රථය පදවාගෙන ගියේ ඇමැතිවරයා විසින්ම බවය.

අනතුරින් පසු ඇමැතිවරයා තම රියෑදුරු ඒ සඳහා යොමු කර හොර රහසේම පලාගොස්‌ ඇති බවද සදීප සම්පත්ගේ පවුලේ ඥතීහු කියා සිටිති.

අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණයා මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු පැදවූ යතුරුපැදිය සීසී 1000 එන්ජින් ධාරිතාවෙන් යුත් එකකි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6282304742670761205

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item