වසර කිහිපයකට පසු සරසවි සිසුවිය කෙළෙසූ කෝටිපති පුත්‍රයාට වැඩ වරදියි
තමා ජා-ඇල පොලිසියේ ස්‌ථානාධිපති බව අඟවා නිවසට යෑම සඳහා බස් නැවතුම්පොළේ රැඳී සිටි සරසවි ශිෂ්‍යාවක බියට පත්කොට බලෙන් රැගෙන ගොස් තම පියාට අය...

https://www.sathhanda.com/2016/03/blog-post_4.html
ඊට අමතරව දූෂණයට ලක් වූ සරසවි සිසුවියට රුපියල් ලක්‍ෂ 27ක වන්දියක් ගෙවීමට සහ රුපියල් 45,000 ක දඩයක් ගෙවීමටත් නියම කෙරුණි.
වත්තල හුණුපිටිය පදිංචි හේවාතන්ත්‍රීගේ නුවන් ජනක නමැති 28 හැවිරිදි පුද්ගලයෙකුට මෙසේ දඬුවම් හිමි විය.
"තමා ධනය සහ බලය පෙරටු කරගෙන සමාජය දීප්තිමත් කිරීමට සිටි අහිසංක සරසවි ශිෂ්‍යාවකගේ අනාගතය අඳුරු කළා. තමාගේ තාවකාලික ලිංගික ආශාවන් ඉටු කර ගැනීම සඳහා පාපතර සහ තිරිසන් ලෙස සරසවි ශිෂ්‍යාවගේ අනාගතය කෙළිබඩුවක් ලෙස සලකා විනාශ කලා. මෙවැනි බරපතළ වැරදිවලට අධිකරණයෙන් උපරිම, දඬුවම් ලබා දීමට පසුබට වන්නේ නෑ"
විත්තිකරුට දඬුවම් නියමකරමින් මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්නමිය එසේ පැවසුවාය.
Related