ඒකාබද්ධ විපක්‍ෂයේ විශේෂ සාකච්ඡාවක් - මුලසුන දිනේෂ්ට
ආණ්‌ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කරන විරෝධතා රැලි මාලාවේ පළමුවැන්න ලබන 17 වැනිදා කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර...

http://www.sathhanda.com/2016/03/blog-post_75.html

ඊයේ(11) බත්තරමුල්ල, නෙලුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලයේදී මෙම ජනරැලිය සාර්ථක කර ගැනීමේ අරමුණින් කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයින්ගේ හමුවක් පවත්වා තිබේ.
එම අවස්ථාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද සහභාගී වී ඇති අතර එම සාකච්ඡාවේ මුලසුන ගෙන ඇත්තේ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධනය.
එම හමුවට හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ඇතුළු පළාත් පාලන නියෝජිතයින් රැසක් සහභාගී වී ඇත.
'ජන සටන' නමින් නම්කර ඇති මෙම විරෝධතා රැලිය රණවිරු දඩයම, ගොවි සහන කප්පාදුව, එට්‌කා පාවාදීම, ජනතා මර්දනය හා මැතිවරණ කල් දැමීම යන කරුණු පහ මුල්කරගෙන පැවැත්වෙන බව ඒකාබද්ධ විපක්‌ෂයේ පක්‌ෂ නායකයෙක් පැවසීය.
ජන සටන විරෝධතා රැලි මාලාවක් ලෙස දිස්‌ත්‍රික් මට්‌ටමින් ඉදිරියේදී පැවැත්වෙන බවද හෙතෙම සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන දේශපාලන පක්‌ෂ නායකයන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් මෙම රැලිය ඇමතීමට නියමිතය.
Related