පා. ච. රණවකට එරෙහිව පොලිස්පතිට පැමිණිලි
අමාත්‍ය පාඨලී චම්පික රණවක ගමන් ගත් වාහනයක ගැටී තරුණයෙකු බරපතල තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන්නැයි පාර්ලිමේන...

https://www.sathhanda.com/2016/03/blog-post_99.html
ඉල්ලීම සිදු කර තිබෙන්නේ ශෙහාන් සේමසිංහ, කංචන විජේසේකර සහ ඞී.වී. චානක විසින්. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඞී.වී. චානක සඳහන් කළේ අනතුරෙන් තුවාල ලැබූ සංදීප් සම්පත්ට සහ ඔහුගේ පවුලේ ඥාතීන්ට සාධාරණයක් ඉටුවිය යුතු බවයි.
තමන් එම අනතුර සිදු වූ අවස්ථාවේදී ඇමතිවරයා පැහැදිලිව හඳුනාගත් බව පවසන එම සාක්‍ෂිකරුවන් පසුව බොරැල්ල පොලීසියේදී වෙනත් රියදුරෙකු යොදවා තම කට උත්තර පවා වෙනස් කර ඇති බව කියයි.ඔවුන් වැඩි දුරටත් ඉල්ලා සිටින්නේ ඇමතිවරුන් අසනීප වූ පසු සිංගප්පුරු යවා ප‍්‍රතිකාර ලබා දෙන ආකාරයට ඇමතිවරයෙකු විසින් අනතුරට පත් කල තම මිතුරාද එසේ විදෙස් ප‍්‍රතිකාර ලබා දෙන ලෙසයි.
අනතුර ඇසින් දුටු සාක්‍ෂිකරුවන් ලැබීමේ දැන් තත්වය මත ඇමති චම්පික රණවකට තමන් මුලින් බොරු කියා නීතිය නොමඟ යැවූ බව පිලිගන්නට වනු ඇත. තරුණයන්ගේ සාක්‍ෂි නොසලකා ඇමතිවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකරන්නේ නම් ඔවුන් විසින්ම සපථ කරන ලද යහපාලනය යටතේ නීතියේ ආධිපත්‍ය සුරැකීම මහා විහිළුවක් වනු ඇත.
අදාල අනතර සිදු වූ කාලයේදී ඇමතිවරයාගේ සහ දැනට බාර වී ඇති රියදුරාගේ ජංගම දුරකතන සංඥා ගමන් මග ගැන අදාල සමාගම්වල සහායෙන් ඉතා සුළු විමර්ශණයක් කල විට සිදුවීම සම්බන්ධයෙන් ප‍්‍රබල විද්‍යාත්මක සාක්‍ෂි ලබා ගත හැකි වනු ඇත.
Related