අදත් වෙඩි තැබීම් - අද බද්දෙගමදී - යහපාලනයේ ඇස් ටිකක් ඇරෙයි
බද්දේගම, දෙල්ගහ හන්දිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේදී පුද්ගලයෙකුට වෙඩි තබා තිබේ.වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් ...

https://www.sathhanda.com/2016/03/blog-post_5.html
බද්දේගම, දෙල්ගහ හන්දිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේදී පුද්ගලයෙකුට වෙඩි තබා තිබේ.වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.අදාළ පුද්ගලයා යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලීසිය පවසයි.වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ හික්කඩුව, කලුපේ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.
මේ අතර බස්නාහිර පාතාලය මැඩලීමේ වගකීම බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා වෙත භාරදී ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
පසුගිය දින කිහිපය තුළ ඇතිවූ වෙඩි තැබීම් සමගින් පාතාල සන්නද්ධ කණ්‌ඩායම් යළිත් හිස ඔසවීම හේතුවෙන් මෙම වගකීම ඔහුට භාරදී ඇති අතර මීට පෙර කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරමින් පාතාලය සහා හෙරොයින් ජාවාරම් මැඩලීම සම්බන්ධයෙන් ඔහුට අත්දැකීම් ඇති බවයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
Related