ඔබාමා - කැස්ත්‍රෝ ඓතිහාසික හමුව සිදුවේ[PHOTOS]

ඇමෙරිකානු හා කියුබානු ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරමින් ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා හා කියුබානු නායක රාහුල් කැස්ත්‍රෝ අතර හමුව...

ඇමෙරිකානු හා කියුබානු ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරමින් ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා හා කියුබානු නායක රාහුල් කැස්ත්‍රෝ අතර හමුව සිදුවිය.

1959 කියුබානු විප්ලවයට පසුව ඇමෙරිකානු දේශයට පය තැබූ ප්‍රථම ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස බරැක් ඔබාමා ඉතිහාසගත වනු ඇති අතර, ඊට පෙර දශක කිහිපයක් දෙරට අතර පැවතියේ නොහොඳ නොක්කාඩුවක්ම පමණි.

ඊයේ දිනයේ කියුබාවට පැමිණි ඔබාමා කියුබාවේ, හවානා නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලය යළි විවෘත කරමින් මෙය ඓතිහාසික අවස්ථාවක් බව අවධාරණය කළේය.

මෙම තෙදින නිල සංචාරයේදී ඔබාමා කියුබානු නායක රාහුල් කැස්ත්‍රෝ හමු වුවත්, එරට විප්ලපයේ නායක ෆිදෙල් කැස්ත්‍රෝ හමුවක් නොවන බව විදෙස් වාර්තා පවසයි.

පසුගිය වර්ෂයේදී දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතා යළි ගොඩනැගීමෙන් පසුව ඇති වූ සුහදත්වය මත ඇමෙරිකානු නායකයා මෙසේ කියුබානු දේශයට පැමිණි අතර, සිය ධුර කාලයේ අවසන් මාස කිහිපය ගත කරන ඔබාමා තම දේශපාලන දිවියේ අමතක නොවන කඩඉමක් බවට මේ අවස්ථාව පත්කර ගැනීමට කටයුතු කරන බවද දේශපාලන විචාරකයෝ පවසති.

මෙම සංචාරය සඳහා ඔබාමා මෙන්ම, ජනපති අර්යා මිෂෙල් හා ඇගේ මව සහ ඔබාමාගේ දියණියන් දෙදෙනා වන සාෂා හා මාලියා මහත් උනන්දුවෙන් සහභාගී වී සිටි ආකාරයද විදෙස් මාධ්‍ය හරහා දැකගත හැකිවිය.

අයහපත් කාලගුණයෙන් බාධා පැමිණියද ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ පැමිණීම කියුබානු ජනතාව මහත් හරසරින් පිළිගන්නා ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කරන්නට විය.

ඒ අනුව, වසර 88 ක ඉතිහාසයේ කියුබාවේ සංචාරය කරන ප්‍රථම ජනාධිපතිවරයා ලෙස ඔබාමා නාමය රැඳෙන අතර, ඔහුට ප්‍රථම වර්ෂ 1928 දී ජනාධිපති කැල්වින් කූලිඩ්ගේ කියුබාවේ සංචාරය කර තිබුණි.










මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 88115109624911894

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item