විදුහල්පති සිසුවිය කෙළසයි - විදුහල්පතිවරයා අත්අඩංගුවට(PHOTOS)
කිලිනොච්චිය, පණ්නන්කණ්ඩි විද්‍යාලයේ 09 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළ එම විද්‍යාලයේ විදුහල්පතිවරයා ...

https://www.sathhanda.com/2016/03/photos_23.html
කිලිනොච්චිය, පණ්නන්කණ්ඩි විද්‍යාලයේ 09 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළ එම විද්‍යාලයේ විදුහල්පතිවරයා අද (23) අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ විදුහල්පතිවරයා දැරිය විදුහල්පති කාමරය වෙත කැඳවා බිය ගන්වා ඇයව ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව කිලිනොච්චිය පොලීසිය සඳහන් කරයි.
ඒ හේතුවෙන් දැරිය පාසල් යාමට අකමැත්ත පළ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් දෙමාපියන් විසින් සොයා බැලීමෙන් අනතුරු ව ඒ පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇත.
අනතුරුව දැරියගේ දෙමාපියන් විසින් කිලිනොච්චිය පොලීසියට කළ පැමිණිල්ලකට අනුව 45 හැවිරිදි එම විද්‍යාලයේ විදුහල්පතිවරයා අද (23) අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අද කිලිනොච්චිය අධිකරණය වෙත ඉඳිරිපත් කිරීමට නියමිත අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් වෙත යොමු කිරීමට නියමිත බව ද කිලිනොච්චිය පොලීසිය සඳහන් කරයි.
ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කිලිනොච්චිය පොලීසිය විසින් සිදු කරයි.
වන්නි - රොමේෂ් මධුෂංඛ
Related