නොමිලේ Wi-Fi මුළුමනින්ම අසාර්ථකයි - වැඩසටහන රහසේම අකුලාගනී
2015 ජනවාරි මාසයේදී ආරම්බ කරනු ලැබූ නොමිලේ Wi-Fi අන්තර්ජාල පහසුකම් දීමේ වැඩපිලිවෙල මේ වන විට මුළුමනින්ම අත්හැර දමා ඇති බව ශ්‍රී ලංකා සන්න...

http://www.sathhanda.com/2016/03/wi-fi.html
2015 ජනවාරි මාසයේදී ආරම්බ කරනු ලැබූ නොමිලේ Wi-Fi අන්තර්ජාල පහසුකම් දීමේ වැඩපිලිවෙල මේ වන විට මුළුමනින්ම අත්හැර දමා ඇති බව ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ඒ සඳහා අවම ජනතා ප‍්‍රතිචාර ලැබීම හා ඉන් ලබාදෙන දත්ත පැකේජයේ මුල්‍යමය වටිනාකම ඉතා සුළු වීම, භාගත වේගය අවම වීම මීට ප‍්‍රධාන වශයෙන්ම බල පා ඇතැයිද එකී ආරංචි මාර්ග පවසයි. මෙතෙක් මෙම පහසුකම් ලබා දී ඇති ස්ථානයන්හි පවා භාවිතයක් නොමැති තරමේ වන බවද සඳහන්ය.
එකී වැඩපිලිවෙල යටතේ මාසිකය මෙගා බයිට් 100ක ප‍්‍රමාණයක් නොමිලේ ලබා දුන්නේ 512kbps පමණ උපරිම වේගයකිනි. සාමාන්‍යයෙන් අද වන විට මෙරට ඕනෑම දුරකතන ජාලයක මෙගාබයිට් 100ක ප‍්‍රමාණය රුපියල් 20කට වඩා අඩු මුදලකට ලබා ගත හැක.
Related