බේලජියමේ මර්මස්ඨාන ඉලක්ක කර බෝම්බ පිපිරීම් වැලක් - බොහෝ පිරිසක් මරුට [VIDEOS/PHOTOS]
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ගුවන් තොටුපලක පිපිරිම් දෙකක් සහ උමන් දුම්රිය ස්ථානයක පිපුරුමක් සිදුව තිබෙනවා. පිටවීමේ පර්යන්තයට සමීපව මෙම පිපිරී...

https://www.sathhanda.com/2016/03/videosphotos.html
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ගුවන් තොටුපලක පිපිරිම් දෙකක් සහ උමන් දුම්රිය ස්ථානයක පිපුරුමක් සිදුව තිබෙනවා.
පිටවීමේ පර්යන්තයට සමීපව මෙම පිපිරීම් සිදුව ඇති බවයි බීබීසී ලෝක සේවය පවසන්නේ. පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇතැයි ඇතැම් වාර්තාවල දැක්වෙනවා.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් නිළ නිවේදනයක් තවමත් නිකුත් වී නැහැ.
යුරෝපා හවුලට අයත් ආයතනයක් ආසන්නයේ පිහිටි උමං දුම්රිය ස්ථානයක ද තවත් පිපිරීමක් සිදුව තිබෙනවා.
ඉන් දසදෙනෙකුවත් මිය යන්නට ඇති බවයි විදෙස් වාර්තා මේ වන විට වාර්තා කර ඇත්තේ.
මේ වන විට පිපිරීම් සිදුවූ ගුවන්තොටුපොළේ සහ දුම්රිය ස්ථානයේ සියලු පිරිස් ඉවත් කරමින් සිටින බවත් විදෙස් වාර්තා පවසනවා.
එරට සියලු ගුවන් ගමන් සහ දුම්රිය වාර නවතා ඇති බවත් සඳහන්. සියලු ගුවන්තොටුපළවල් සහ දුම්රිය ස්ථානයන්වල හදිසි සෝදිසි මෙහෙයුම් ආරම්භ වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කරන්නේ මේ වන විට බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර සියලු ප්‍රවාහන සේවා අඩපන වී ඇති බවයි.
ගුවන් තොටුපලේ පිපිරීම් ශබ්ද ඇසීමට පෙර වෙඩි තැබීම් සහ අරාබි භාෂාවෙන් කෑ ගසන ශබ්දයක් ඇසී තිබෙන බව ද විදෙස් වාර්තා පවසනවා.

මෙම පිපිරීම් සිදුව ඇත්තේ 2015 වසරේ සිදු වූ පැරිස් ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සලාහ් අබ්ඩිසලාම් අත්අඩංගුවට ගෙන දින 4කට පසුවයි. ඒ අනුව මෙම ප්‍රහාර බොහෝ දුරට ත්‍රස්ත ප්‍රහාර විය හැකි බවටයි එරටේ මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
— JF (@jfbxl) March 22, 2016
Related