මහබැංකුවට හුවමාරු කල මිලියන 158.5 යෝශිතගේ නොවේ - සොයාගෙන ඇත්තේ රොහාන් ඊරියගොල්ලගේ ගිණුමෙන්

මහ බැංකුවේ තැන්පත් කරන ලෙසට කඩුවෙල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ධම්මික හේමපාල  ඊයේ (10) නියෝග කළ රුපියල් මිලියන 158.5ක්‌ (පහළො...

මහ බැංකුවේ තැන්පත් කරන ලෙසට කඩුවෙල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ධම්මික හේමපාල  ඊයේ (10) නියෝග කළ රුපියල් මිලියන 158.5ක්‌ (පහළොස්‌කෝටි අසූපන්ලක්‍ෂයක්‌) මුදල ව්‍යාපාරිකයකු වන රොහාන් ඊරියගොල්ලගේ ගිණුමකට බැර වූ මුදලක් බව වාර්තාවේ.

රොහාන් ඊරියගොල්ල  2012 දී පමණ 'පෑන් ඒසියා'  බැංකුවේ සභාපති නිමල් පෙරේරාගේ අනුග්‍රහයෙන් එම බැංකුවෙන් රුපියල් මිලියන 158.5 ක ණය මුදලක් ලබගෙන ඇත.නිමල් පෙරේරා  හා රොහාන් ඊරියගොල්ල  ව්‍යාපාරික සගයින් වන අතර,  එම ණය මුදල ලබා ගෙන ඇත්තේ ඔවුන්ගේ  ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙනි.ජනවාරි 08 ආණ්ඩු පෙරළියෙන් පසු එම ණය මුදල අයකර ගැනීමට ෆෑන් ඒසියා බැංකුව කටයුතු කරද්දී, LOLC සමාගම ලබාදී ඇති ඇපකරය හරහා එම මුදල ලබා ගන්න ලෙස ඊරියගොල්ල  උපදෙස් දී තිබේ. ඒ අතර තවත් අයෙක් එම ණය මුදලට අදාළ රුපියල් මිලියන 158.5ක මුදලක් ඊරියගොල්ලගේ ගිණුමට බැර කර ඇත. පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් සිදුකල විමර්ශන හමුවේ  එසේ මුදල් ලැබුන ආකාරය පැහැදිලි කිරීමට ඊරියගොල්ල  අසමත්ව තිබේ.
එහෙත් ආණ්ඩු පාර්ශවය සහ එහි හිතවතුන් මෙය රාජපක්ෂලාගේ මුදලක් බවට හැගවීමට කරුණු ගෙනහැරපාන අතර එය තවමත් තහවුරු නොවූ කරුණක් බව වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4499500014073167076

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item